IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොලිස් රියට බියේ සැඟවුණු ගෙදර කසිප්පු බෝතල් 25ක්

(නයිනමඩම - චන්දන ප්‍රනාන්දු)
ඇටියාවල ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයක් මාර්ගයේ ගමන් කරද්දී එයට බියවී පලා පලාගොස් සිටි පුද්ගලයෙකු සැඟවුණ නිවසක් පරීක්ෂා කිරීමේදී කසිප්පු හා ගෝඩා තොගයක් සමග නිවෙස් හිමියාව පෙරේදා (26) සවස සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය. 


මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි අයෙකි. නිවස පරීක්ෂාකිරීමේදී එහි තිබූ කසිප්පු නිපදවීමට සූදානම් කළ ගෝඩා බැරල් 1ක්, නිපදවන ලද කසිප්පු බෝතල් 25 සමග පෙරුම් උපකරණ තොගයක් සොයාගත් බව පොලිසිය කීය.


සැකකරු මෙයට පෙරත් නීති විරෝධී කසිප්පු ජාවරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අයෙකු බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය කීය. දන්කොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් (14426) දිසානයක, (57373) සමන්, කොස්තාපල් (36283) ශයාමාල්, පොලිස් රියැදුරු (89640) චන්ද්‍රසිරි යන නිලධාරීන් මෙම වැටලීම කර තිබේ. සැකකරු මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 



අදහස් (0)

පොලිස් රියට බියේ සැඟවුණු ගෙදර කසිප්පු බෝතල් 25ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site