(දූනගහ බටේපොළ විජයසිරි)
දිවුලපිටිය දෙස සිට කොළඹ බලා දිවෙන බසයකට ජාඇල නගරයෙන් සම්මාදම් එකතු කරන්නෙක් ගොඩ වුණේය. බැලූ බැල්මට පනහ පැනලාය.

මම කාටවත් අනුන්ට අත පාපු කොල්ලෙක් නොවේ. අසවල් ආයතනයේ පිළිගැනීමේ ලිපිකරුවා මමයි. මගේ දෙවැනි දරුවාගේ කනේ සැත්කමකට ලක්ෂ 10 ක් අවශ්‍ය වෙනවා. මට හිඟාකාලා පුරුදු නැහැ. දරුවගෙ සැත්කමට මුදල් හොයා ගන්න අවශ්‍ය නිසයි බස් එකට ගොඩවුණේ. කවුරුවත් අහක බලන්න එපා. මගේ දෙවැනි පුතාට ආධාර කරන්න.
එසේ කී තරුණයා බසයේ ඉදිරි අසුනේ සිට සියලු දෙනාටම තුණ්ඩුවක් බෙදාගෙන ගියේය. ඒ අතරේ බස් නැවතුමකින් තරුණියන් දෙදෙනෙක් බසයට නැගී හිස් අසුනක වාඩි වූහ.
බසයේ තුන්ඩු බෙදූ තරුණයා පිටුපස සිට මුදල් දෙන අයගෙන් මුදල් එකතු කොටගෙන ඉදිරියට එමින් සිටියේය.
අලුතෙන් බසයට ගොඩවූ තරුණියන් දෙදෙනාට ඔහු අත දිගු කළේය.
ඔවුන් දෙදෙනා රුපියල් හැටක් ඔහු අත තබා කුමක්දෝ සෙමින් කීහ.
මඳ වේලාවකින් සල්ලි එකතු කරගත් සම්මාදම් කාර තරුණයා බසයෙන් බැස ගියේය.
බසයේ කොන්දොස්තර ටිකට්ස් කියමින් තරුණියන් දෙදෙනා සිටි අසුන අසලට පැමිණියේය.
“සල්ලි ගන්න”
තරුණියෝ වට පිට බැලූහ
“අපි සල්ලි දුන්නනෙ
කාටද”
අර සල්ලි එකතු කරපු කෙනාට සල්ලි දුන්නෙ. එයා ටිකට් දුන්නෙ නෑ. අපි මහබාගෙ බහින්නෙ.
එයාට සල්ලි දීලා කොහොමද මමනේ සල්ලි එකතු කරන්නෙ. මමනේ කොන්දොස්තර.
අපි දන්නෙ කොහොමද එහෙනම් ඔයා ඉස්සෙල්ලා අපෙන් සල්ලි ගන්න එපායැ.
මේ අතරේ බසයේ මගිීන් කියා සිටියේ බසයට සම්මාදම් කාරයන් ගන්න එපා යනුවෙනි. තරුණියන්ට වැරදීමක් සිදුවූ බව ද කවුරුත් පිළිගත්හ.
කතාව අතරේ බසය මහබාගේට ළඟාවී තරුණියෝ බසයෙන් බැස ගත්හ.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොන්දොස්තරගේ වැඬේ හිඟන්නා බාරගෙන