නගරයක තරුණ කැල සංවිධානය කළ සංගීත ප්‍රසංග යකි. දිවයිනේ ප්‍රමුඛ පෙළේ සංගීත කණ්ඩායමක් එයට සංගීතය සැපයීය. නොමිලේ පැවැත් වූ ප්‍රසංගයට විශාල ජනකායක් සහභාගි වූහ.
ජනප්‍රිය ගායක ගායිකාවන් ගීත ගැයූ මෙම ප්‍රසංගයේදී ආධුනික ගායක ගායිකාවන් කිහිප දෙනෙකුට ද ගීතය බැගින් ගායනා කිරීමට අවස්ථාව සැලසිනි. අවසානයට පැමිණි ආධුනික ශිල්පියා වේග රිද්මයේ ගීතයක් ගායනා කරන ලද අතර, ගායනය අතරමගදී බෆල් වලින් “ඩග් ඩග් ඩග් ඩග්” යනුවෙන් ශබ්දයක් ඇසිනි. ශබ්ද පරිපාලකයින් ඇතුළු සහයකයෝ ක්‍ෂණිකව විදුලි උපාංග පරීක්‍ෂා කරන්නට වූහ. වාදන ශිල්පීහු නොනවත්වාම ගීතයට සංගීතය සැපයීමේ කටයුතු වල යෙදුණාහ.
තත්පර කිහිපයකින් වේදිකාවෙන් බැසගිය ගායන ශිල්පියාව වටකරගත් මිතුරන් “හොඳට සිංදුව කිව්වා. සවුන්ඞ්ස්වල පොඩි අප්සෙට් එකක් ආවා නේද? මිතුරෙක් විමසීය. “සවුන්ඞ්ස්වල අප්සෙට් එකක් නෙමෙයි මචන්, මට සිංදුවේ පද පේළියක් අමතක වුණා. මම මයික් එක කට ළඟට කරලා, ඊළඟ පද පේළියට එනකන් ඩග් ඩග් ඩග් ඩග් ගාලා කටෙන් ශබ්දයක් කරලා ඒක ෂේප් කළා.” ගායකයා සිනාසෙමින් කීය. ක්‍රිස්ටෝපර් සීපියන්
2025 ඔක්තෝබර් මස 08
1613
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1390
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
494
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිංදුව අමතක වෙලා ගායකයා තත්පර අමුතු පොතක් දාලා
pitigala Thursday, 11 October 2018 02:06 AM
අද ඉන්න නව පරපුරේ කියාගන්න වැඩි හරියකට පුළුවන් ඩග් ! ඩග් විතරයි, දන්නා කෙහෙල්මල් සංගීතයක් නැහැ.