IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


නින්දෙන් ආ සිහින කුමරිය ලක්ෂ 2 කට විදී

 දේව දූතයකු සිහිනෙන් කී අනාගත සිහින කුමරිය  රුපියල් ලක්‍ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් කැමරාවක් රැගෙන අතුරුදන්වීමේ පුවතක් මහනුවරින් වාර්තාවේ.


බස්නාහිර පළාතේ පදිංචි වෘත්තීමය ඡායාරූප ශිල්පියෙකු වන ඔහු මැදි වියද ඉක්මවා සිටියද තවමත්  තනිකඩව විසීමට සිදුව ඇත්තේ මහ බඹා කෙටූ අනාගත සහකාරිය මේ වනතුරුත් ඔහුට හමුවී නොමැති නිසාය.


 නිරන්තරයෙන් අනාගත සහකාරියක් පිළිබඳ සිහින මවමින් සිටි ඔහු මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයකට ගොස් ඒ පිළිබඳව විවිධ පුද පූජා පවා පවත්වමින් නොපෙනෙන දෙවියන්ගේ පිහිට පැතූ අවස්ථාද බොහෝය. 


කෙසේ නමුත් ඉකුත් දිනක රාත්‍රියේ ඔහුට ‘දේව දූතයෙකු’  සිහිනෙන් කියා ඇත්තේ අසවල් අසවල් දෙවිවරුන්ට පඬුරු ගැට ගසා යාතිකා කරගැනීමෙන් අනතුරුව ඉතා ඉක්මනින් තම පැතුම් මල්ඵල ගන්නා බවකි. 


ඉන් දැඩි ලෙස ප්‍රීතියට පත් ඔහු දේව දූතයා කී පරිදිම පසුදින අලුයම මහනුවර ප්‍රදේශයේ පිහිටි එක්තරා දේවාලයකට ගොස් පඬුරු ගැට ගසා අදාළ කාරණය කපු මහතාට කියා යාතිකා කරගත්තේ සිතේ වූ අපමණ බලාපොරොත්තු පොදි බැඳගෙනය.


 එම කටයුතු සියල්ල සිදුකර දේවාලයෙන් පිටතට පැමිණෙන විටම සිනා මුසු මුහුණින් යුතුව ඔහුගේ ආදරය අයැද සිටින ආකාරයෙන් සිටි රූමත් යුවතියක් දැකීමෙන් ඔහුගේ සතුට දෝරේ ගලා ගියේය. 


ඉතා ඉක්මනින් ඔහු සමග කුළුපඟවූ ඇය ඇගේ සියලු තොරතුරුද නොවලහා පැවසූ අතර ඇයටද පෙර දින රාත්‍රියේ දේව දූතයකු පැමිණ සිහිනයෙන් කියා ඇත්තේ ඇයගේද අනාගත සහකරු මෙසේ දෛවෝපා ගතව හමුවන බවකි.


 පසුව දෙදෙනාම මහනුවර නගරයේ ඇවිද විනෝද වී දහවල් කෑම සඳහා නගරයේ සුපිරි හෝටලයකට ගොඩවැදී ඇත්තේ දෙදෙනාගේ අනාගත සැලසුම්ද නිදහසේ  කතා කර ගැනීමේ අරමුණෙනි.
ආහාර-පාන  ගැනීමෙන් පසු සිය ශරීර කෘත්‍යය ඉටුකර ගැනීම සඳහා ඔහු වැසිකිළියට ගියේ රුපියල් ලක්‍ෂ දෙකකට වඩා වටිනාකමින් යුතු තම කැමරාවද ඇය අත තබාය.


කෙසේ නමුත් නැවත පැමිණි ඔහුට තම වටිනා කැමරාව  පමණක් නොව ඇයද අතුරුදන්ව ඇති බව දැකීමෙන් දෙවියන් සිහිවී ඇත්තේ දේවාලයේ කපු මහතාට තමාගේ දුක කියනු රහසේ අසා සිට මේ උගුලට ඇය තමාව හසුකරගෙන ඇති බව දැන ගැනීමෙනි. 


කටුගස්තොට ධම්මික ගුණවර්ධන

 



අදහස් (0)

නින්දෙන් ආ සිහින කුමරිය ලක්ෂ 2 කට විදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site