(ගම්පොළ සුරංග රාජනායක)
අනියම් බිරියගේ නිවෙසින් ගත් මිරිස්කුඩු වයෝවෘද්ධ පුද්ගලයකුගේ මුහුණට ගසා ඔහු සතුව තිබූ රුපියල් 1800ක් කොල්ල කන ලද 43 හැවිරිදි හා 46 හැවිරිදි අයියා මලෝ දෙදෙනෙක් නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

සිද්ධියට මුහුණ දී ඇත්තේ 67 හැවිරිදි වයෝවෘද්ධ අයෙකු බවත් නාවලපිටිය තිස්පනේ කන්ද ප්‍රදේශයේ තිබූ මළ ගෙදරකට ගොස් රාත්‍රි කාලයේදී නිවෙස වෙත යමින් සිටියදී ඔහු මෙම සිද්ධියට මුහුණ පා ඇත.
මෙම අයියා මලෝ දෙදෙනා බීමත්ව මග රැක සිට මෙම පුද්ගලයා අල්ලාගෙන අසල ඇති එක් පුද්ගලයකුගේ අනියම් බිරියගේ නිවෙස වෙත රැගෙන ගොස් එම නිවෙසින් මිරිස් කුඩු ගෙන මුහුණට ගසා පසුව දෙදෙනාම එක්ව මෙම මුදල් කොල්ල කා තිබේ.
සිද්ධිය වන විට අනියම් බිරියගේ සැමියාද නිවෙසේ සිට ඇති අතර මෙම සිද්ධියෙන් අනියම් සම්බන්ධතාවද හෙළි වී තිබේ.
නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුජීව ද සොයිසා මහතාගේ උපදෙස් මත ප්‍ර.පො.ප. මාපා, පොලිස් සැරයන්වරුන් වන (32527) විජේතුංග, (31064) සුගත්, (36744) රාජකරුණා, පොලිස් කොස්තාපල්වරුන් වන (35781) ප්‍රියන්ත, (37426) ජයසේකර, (35266) සමරවීර, කා.පො.කො. (3660) සමන්මලී යන නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd