
අගනුවර මරදාන පැත්තේ කුඩා ලෑලි කඩයකි. ඒ අසලට පැමිණි කොලු ගැටයකු පාන් රත්තලක් ඉල්ලා රුපියල් පනහක් මුදලාලිට දිගු කළේය. “ළමයෝ පාන් රාත්තල රුපියල් හැටයි. තව දහයක් ඕනෑ මුදලාලි කීය. ඒ සමඟම කොලුවා දුම්වැටියක්ද ඉල්ලුවේය. “උඹේ වයස කීයද”මුදලාලි ඇසූ විට “දහසයයි” ඔහු කීය. වයස විස්සට අඩු අයට සිගරට් දෙන්නෙ නෑ මුදලාලි කීවෙන් ඔහු රුපියල් පනහ කඬේ තබා ගෙදර දිවගියේ ඉතිරි රුපියල් දහය ගෙන එන්නටය. ඔහු තම මල්ලිද සමඟ විත් ඉතිරි රුපියල් දහය ගෙවා පාන් ගෙඩිය ගෙන මල්ලිට දුන්නේය.
“දැන් සිගරැට් එක දෙන්න” ඔහු කිසියම් මුදලක් මුදලාලිට දිගු කළේය.“ සැරයක් උඹට කිව්වනේ වයස විස්සට අඩු යට සිගරැට් දෙන්නෙ නෑ කියලා” මුදලාලි සැරවිය.“මට දාසයයි. මෙයාට අටයි දැන් එකතුව විසිහතරයි. ඉතිං පාන් ගෙඩියට සල්ලි එකතු කළා වගේ අපේ වයස එකතු කරලා සිගරැට් එක දෙන්න. ඔහු කීවෙන් මුදලාලිට තරු පෙනුනාලු.
තිහගොඩ උපසේන ලියනගම
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
585
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බාල වියේ අයියයි මල්ලියි වයස එකතුකර සිගරැට් ගන්න කඬේ ගිහින්