(කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ)
පුද්ගලයකු තුළ පැවති අපූරු පුරුද්දක් නතර කිරීමට නවීන තාක්ෂණ උපක්‍රමක් යොදාගත් පුවතක් මහනුවර ආසන්න නගරයක පසුගියදා වාර්තා විය.
මහනුවරට ආසන්න අර්ධ නාගරික ප්‍රදේශයක සරු වෙළඳාමක් සහිත පළතුරු කඩයක් තිබිණි. මෙම පලතුරු වෙළඳසල පාරිභෝගිකයින් අතර ඉතා ප්‍රසිද්ධියට පත්වී තිබුණු අතර නිති පතා එහි එන ගැණුම්කරුවෝ පිරිසක්ද සිටියහ. වැදගත් පවුලක, ඉහළ රැකියාවක් කරන සුහදශීලී පුද්ගලයෙක්ද සෑම දිනකම කුමන හෝ පලතුරක් රැගෙන යාමට පැමිණියේය.
පලතුරු වෙළඳසලට පැමිණෙන මොහු කෙසෙල්කැන් අතරින් ඇති හොඳම කෙසෙල් කැනක, කෙසෙල් ගෙඩියක රස බැලීම පුරුද්දක් කරගෙන තිබිණි එසේ කෙසෙල් ගෙඩියක රස බලන ඔහු ඊට අදාළ කෙසෙල් ගෙඩියේ මිලට වඩා වැඩි මුදලක් වෙළඳසල් හිමියාගේ අත තබා යාමට ද අමතක නොකරයි. මෙසේ වැඩිපුර මුදලක් ලැබුණත් කෙසෙල් කැනක ඇති ඉස්තරම් කෙසෙල් ඇවරියේ ගෙඩි අඩුවීම නිසා ඉහළ මිලකට විකිධෑමට ඇති අවස්ථාව අහිමිවීම වෙළෙඳසල් හිමියාට ගැටලුවක් විය. මෙයට සුදුසු විසඳුමක් දිනපතා ප්‍රවෘත්ති පත්‍රයකින් බැලීමේදි ඔහුට සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව පලතුරු වෙළඳසලේ ආරක්ෂාව සඳහා සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවි කරන ලද අතර ඒ හරහා දින කීපයකදී කෙසෙල් ගෙඩි කඩා ගන්නා ගැණුම්කරුවාගේ රූප රාමු ලබාගනු ලැබීය.
පසු දිනක එසේ ලබා ගත් දර්ශන සංස්කරණය කර වෙළදසලේ පිහිටි රූපවාහිනියට දමා අදාළ පුද්ගලයා වෙත පෙන්වීමට සලස්වන ලද අතර ඒවා ඔහුගේ පවුලේ සමාජිකයින් හා බිරියට පෙන්වීමට කටයුතු කරන බවත් අන්තර්ජාලය වෙත ද මුදා හැරිය හැකි බවත් වෙළඳසල් හිමියා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
585
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෙසෙල් කැණ බේරගත්ත වෙළෙන්දාf ගණදෙවි නුවණ
himal Tuesday, 20 November 2018 01:34 PM
එහෙම මුදා හැරියා කියලා මොනවා කරන්නද? කෙහෙල් ගෙඩි වලට සල්ලි ගෙව්වා නම් ප්‍රශ්නයක් නෑනේ.