IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වස්සාට කොස් කඩන්න ගිහින් ගස උඩම ලගින්න වෙලා

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
තම පිං ගොන් වස්සට කොස් ගෙඩි කඩා කපා දීමට කොස් ගසකට නැගි පුද්ගලයකුට ඉන් බැසීමට ආධාර ලැබෙන තුරු මුළු දවසක් ගස උඩ සිටීමට සිදුවීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තාවේ.


වාර්තාවන අන්දමට සිදුවී ඇති සිද්ධිය සැකවින් මෙසේයි. මරණයෙන් නිදහස් කරනු ලැබූ ගොන් වස්සකු ස්ව කැමැත්තෙන්ම රැක බලා ගැනීමට ඔහු ඉදිරිපත් වූයේ එය මහත් ඵල මහානිසංස දෙන පුණ්‍ය කර්මයක් නිසාය.


ටික දිනක්යත්ම මුරණ්ඩු ගති පෙන්නූ ගොන් වස්සා ගමෙන් ඈත හුදකලා පෙදෙස්ම තෝරා බැඳ දැමීමට ඔහු තීරණය කළේ කාගෙ කාගෙත් ආරක්ෂාවටය.


මෙසේ දිනක් එසේ රැගෙන ගිය ගොන් වස්සාට අසල තිබූ කොස් ගසක ගෙඩි කිහිපයක් කඩා දීමට අදහස් කළ ඔහු එම ගසට නැගීම සඳහා ආසන්නයේම තිබූ උණ පඳුරකින් ගසක් කපා එය කොස් ගසට නැගීමට ආධාරකයක් ලෙස තබා ගැනීමට සිදුවූයේ ඒ තරම්ම එම කොස් ගස විශාල වූ බැවිනි.


ගසට නැගි ඔහු කොස් ගෙඩි කිහිපයක් කැඩූ සැනින් එය කෑමට දැඟලූ ගොන් වස්සා නිසා හදිසියේම කොස් ගසට තබා තිබූ උණ ගස වැටී ගියේ ඔහුට දෙවියන් ද සිහි ගන්වමිනි.


මේ අතර ගොන් වස්සා බැඳීමට ගිය ඔහු නැවත නිවසට නොපැමිණීම පිළිබඳව කලබල වූ නිවැසියන් අසල්වාසීන් කිහිප දෙනෙකු සමග හුළු අතු පවා දල්වා ගනිමින් ඔහු සොයා ගියේ ගොම්මන් වැටෙන රාත්‍රිය ද උදාවෙමින් තිබියදීය.


එසේ ගිය ඔවුනට ඈත ගම් කෙළවරින් නැගුනු හූ හඬක් ඔස්සේ විපරම් කිරීමේ දී කොස් ගස උඩ සිටි අදාළ පුද්ගලයා සොයා ගැනීමට හැකිවී ඇති අතර අනතුරුව උණ ගසේ ආධාරයෙන්ම ඔහුව බිමට බස්සවාගෙන ඇත්තේ ඔවුන් ඔහුටද දෙස් දෙවොල් තබමින් බව වැඩිදුරටත් අනාවරණය විය.

 



අදහස් (0)

වස්සාට කොස් කඩන්න ගිහින් ගස උඩම ලගින්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 585 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site