IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නුදුටු කතට ලෝබවෙලා ලක්ෂ 2 1/2ක් නැතිවෙලා

(උණවටුන ඩී.ජී. සුගතපාල)
ගාල්ලේ පදිංචි පුද්ගලයකුට ඉකුත් අගෝස්තු මාසයේ දිනක දුරකතන ඇමතුමක් ලැබුණි. ඇමතුම ලැබුණේ කාන්තාවකගෙනි. තමා පිළියන්දල ප්‍රදේශයේ පදිංචි බවත් තමාගේ මිතුරකු ගාල්ලේ සිටින බවත් ඔහු සොයා ගැනීමට උදව් කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය. තමාගේ සැමියා නොමැති බවත් පාසල් යන දරුවාට උදව් උපකාර කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.


කිසි දිනෙක දැක නැති ඇයගේ ඉල්ලීම අනුව ඔහු පළමුවෙන් රුපියල් හතළිස් දහසක් ඇයගේ ගිණුමේ තැන්පත් කළේය. ඉන්පසු දෙදෙනා නිතර නිතර දුරකතනයෙන් කතා කළ අතර පසුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ ද කතා කිරීමට පටන් ගත්තේය. ඇය තිස්පස් හැවිරිදි වියේ පසුවූ රූමත් කාන්තාවකි.


ස්කයිප් තාක්ෂණය ඔස්සේ කතා කිරීම ප්‍රමාණවත් නොවූ නිසා මුණගැසී කතා කිරීමට දෙදෙනාටම අවශ්‍ය විය. ඒ අනුව ඇය දිනක් ගාල්ල නගරයට පැමිණ ඔහු හමුවූවාය. ඉන්පසු දෙදෙනාගේ විශ්වාසය තවත් තහවුරු විය. මේ නිසා ඇය ඉල්ලන සෑම විටකම ඔහු ඇයගේ ගිණුමේ මුදල් තැන්පත් කළේය. ඒ අනුව නොවැම්බර් මාසය වනවිට ගතවූ මාස දෙකක කාලය තුළ ඔහු ඇයගේ ගිණුමේ තැන්පත් කළ මුදල රුපියල් දෙලක්ෂ පනස් දහසකි.


මේ අතර ඉකුත් දිනෙක ඇයගේ ජංගම දුරකතනයට කතා කළ විට පිළිතුරු දුන්නේ වෙනත් කාන්තාවකි. ඇය කියා සිටියේ තමාගේ මිතුරිය හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට බන්ධනාගාරයේ රඳවා සිටින බවය. සිද්ධිය ඇසූ ඔහුගේ බලාපොරොත්තු සියල්ල කඩවී යන බවක් දැනුණි. තමා හසුව ඇත්තේ අපරාධකාරියකට බව ඔහුට සිතුණි.


කළ යුතු දෙයක් නොමැති තැන ඔහු පොලිසියට පැමිණියේය. ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ සැරයන් විජේරත්න (24948) මහතා ඔහුගේ පැමිණිල්ල සටහන් කර ගත්තේය.



අදහස් (0)

නුදුටු කතට ලෝබවෙලා ලක්ෂ 2 1/2ක් නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 585 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site