IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාන් බාස්ගේ ප්‍රේමය නෑනන්ඩියගේ මගුල් කේක් ගෙඩිියේ

(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරල ආරච්චි)
සිය පණමෙන් ආදරය කළ රැකබලා ගත් පෙම්වතිය අනිකෙකු ගේ බිරියක් බවට පත්වීමට යෑම නිසා සිත් තැවුලට පත් පෙම්වතෙකු මංගල සාදයට කේක් ගෙඩියක් තුළ පෙම් හසුනක් යැවීමේ පුවතක් අවිස්සාවේල්ල නුදුරු ගම්නියම්ගමකින් වාර්තාවෙයි.


වාර්තාවෙන අන්දමට සිද්ධිය මෙසේය.


ඇය ඇවැස්ස නෑනාය. ඔහු ඇවැස්ස මස්සිනාය. පොඩි කාලයේ ඉඳලාම නෑනා පොඩිත්ති මස්සිනා පොඩිත්ත බලාගන්නවා. වැඩිහිටියන් විහිළු තහළු නොකළා ද නොවේ. අම්මා තාත්තා නැන්දා මාමා මෙම දෙදෙනාගේම ඇස් දෙක සමාන වූහ.


කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ඇය ගමට පායන පුන්සඳ මෙන් ගමටම රූමත් තරුණියක වූවාය. කෙසේ වෙතත් දෙදෙනාගේ ලෙන්ගතුකම සැබෑ ආදරයක් බවට පත්ව දෙදෙනාම පෙම්වතුන් බවට පත්වූහ. දෙපාර්ශ්වයෙන්ම එයට බාධාවක් ද නොවීය. කෙසේ වෙතත් පෙම්වතියට සරසවි වරම් ලැබ සරසවියට ඇතුළු වීමට වාසනාව උදාවිය. තරුණ පෙම්වතාට ඒ වාසනාව උදා නොවීම නිසා පියාට අයත් බේකරියේ වැඩ ටික කරගෙන ගියාය. එනිසා එක් අවස්ථාවක දී පාන් බාස් විය. තවත් අවස්ථාවකදී පාන්කාරයා බවට පත්විය.


නගා ඔයා විශ්වවිද්‍යාලයට යෑම මම ලබපු ජයග්‍රහණයක්. ඔයා වෙනුවෙන් මම උපයන සෑම සතයක්ම යොදවනවා. අයියණ්ඩි මම විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන රැකියාවක් ලබාගෙන ඔයා සමග එකතු වීමයි මගේ එකම පැතුම. විශ්වවිද්‍යාලයට ඇතුළු වූ දා කී කතාව අද පුස්සක් වෙලාය.


කාලය ගෙවී ගියේය. උපාධිය ද හිමි විය. රජයේ උසස් රැකියාවක් ද ලැබුණි. සේවා ස්ථානයේ නිලධාරි මහතෙකු සමග ඇතිවූ ප්‍රේම සම්බන්ධතාවක් මත පළමු පෙම්වතා අමතක විය. පසුව ඇයගේ මවු පියන් දෙදෙනා අනාගත නව සහකරුට කැමැත්ත ද පළ කර තිබුණි.


කල කිරීමට පත්වූ පළවූ පෙම්වතා කළ යුතු කිසිවක් නොමැති බැවින් මංගල දිනයේ මංගල කේක් ගෙඩිය තමා විසින් සාදා උත්සව ශාලාවට එවන බව මනාලියගේ මවුපියන්ට දන්වා තිබිණි.


නැකැත් හෝරා උදාවිය. උත්සව ශාලාව මනාලියගේ සහ මනාලයාගේ ඥාති මිත්‍රයින්ගෙන් පිරී පැවතිණි. පෝරුවේ චාරිත්‍ර වාරිත්‍ර සිදු කෙරිණි. නමුත් පළමු පෙම්වතා පැමිණ නැත.


නැකතට අනුව කේක් ගෙඩිය කපන අවස්ථාව උදා විය. පිහිය අතට ගත් මනාලිය පිහියෙන් කෑල්ලක් කැපුවා පමණි. එයින් මතු වූයේ ලිපියකි. ලිපියේ මෙසේ සඳහන් වී තිබිණි.


ගැහැණු චපලයි කියන එකේ සත්‍යයක් ඇත. උගන්වා තැනකට ගෙන යන ලද පාන්කාර මස්සිනා අමතක කර දැමීමට දෛවය සරදම් කර තිබේ. ඔබ මට නැති වූවාට කම් නැත. මුල අමතක කිරීම මවුපියන් දෙදෙනා අමතක කර දැමීමක් වැනිය. ඔබ දෙදෙනාට ආසිරි පතමි.


මීට පාන් බාස්
යනුවෙන් එහි සඳහන් කර තිබුණි. 


එම අවස්ථාවේ කිසියම් උණුසුම් තත්ත්වයක් ඇතිවුවද පසුව සමථයකට පත්විය.

 



අදහස් (0)

පාන් බාස්ගේ ප්‍රේමය නෑනන්ඩියගේ මගුල් කේක් ගෙඩිියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 585 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site