අබරන් සීයාගේ මිනී වළ උඩ කළු මහත්තයාට සිහි නෑ
අතීත ගැමි සමාජයේ හොල්මන්, අවතාර, යක්ෂ, ප්‍රේත, භූත, දිෂ්ඨ පිළිබඳව පැවැතියේ දැඩි විශ්වාසයකි. එකල සොහොන් භූමි, නාන ගංතොට, පාළු ස්ථාන අසලින් ඉර මුදුන් යාමයේ ගොම්මන් යාමයේ මැදියම් යාමයේ තනියම ගමනක් බිමනක් යන්නේ බොහොම කලාතුරකිනි. ඒ තරමටම එවැනි ස්ථාන කෙරෙහි දැක්වූයේ දැඩි බියකි.