IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දුවගේ දෑවැද්ද පුතුගේ ඉඳුල් කටගාන දවසේ ගෙනත් දීලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 එකම දියණියගේ මංගල උත්සවය වෙනුවෙන් දෑවැදි දෙන්නට අල්මාරිය ඇතුළු ලී බඩු කට්ටලය දියණියට ලද පුතුගේ ඉඳුල් කටගාන දිනයේ ගෙන ගොස් බාරදුන් පියෙකු පිළිබඳව මාඔයට අසබඩ ගම්මානයකින් වාර්තා විය.


 මේ පියා වෘත්තීය වඩු මහතෙකි. කැටයම් ශිල්පයට ද නමගිය දක්‍ෂයෙකි. ඔහුගේ නිපැයුම් සඳහා ඇත්තේ දැඩි ඉල්ලුමකි. ඔහුට එකම දියණියකි. ඔහු ඇයට මහත්සේ ආදරය කළේය. දියණිය ගේ මංගල්ලය තීන්දු වූයේ කපුවකුගේ මැදිහත්වීමෙනි.


 මනාලියගේ පියාගේ ලී කැටයම් හා වඩු වැඩ පිළිබඳ පැවති දක්‍ෂතාව ද මනාලයාගේ පාර්ශවයට මේ මංගල්ලයට කැමැත්ත දක්වන්නට විශේෂ හේතුවක් වූයේය. මංගල්ලය තීන්දු කෙරිණි. විවාහයට දින නියම විය.


 මගේ දුවට ගෙදරට ඕන කරන සියලුම ලී බඩු මගේ ගාණේ හදලා දෙනවා. පියා ආනාගත බෑණාට පොරොන්දු වූයේය. අල්මාරිය, කණ්ණාඩි මේසය, කෑම මේසය හා පුටු ආදිය ද තමන්ගේ අතින්ම නිම කරදීම ඔහුගේ අදහස විය. එදා පටන් පියා එකින් එක ලී බඩු හදා නිම කරන්නට ගත්තේය.  


දැන් සියල්ල සූදානම්ය. මගුලට ඇත්තේ තවත් දින කිහිපයකි. මංගල්‍යය වෙනුවෙන් විය පැහැදම් කෙරුණු  නිසා අතේ සතේ ද නැත. මෙසේ කල්පනාවෙන් කල්ගත කරන අතරේ හදිසි ඇණවුමක් ආයේය. ඒ අල්මාරියකටය. 


“කීය වුණත් කමක් නැහැ බාස් උන්නැහැ. අපිට දවසින් දෙකින් අල්මාරියක් හදලා දෙන්න” ගැනුම්කරු ඉල්ලීය. දුවගේ මඟුල අත ළඟ තිබිය දී අල්මාරියක වැඩ පටන් ගන්නා එක අමාරුය. බිස්නස් එක පැහැර හරින්නට ද නොහැකිය. ඒ වගේම අතට මුදල් හිඟයක් ද පවතී.


 ටික වේලාවක් කල්පනා කළ බාස් උන්නැහේ සිය තීරණය ප්‍රකාශ කළේය. “මහත්තයා මට අල්මාරියක් හදන්න නම් වේලාවක් නැහැ. ඒ තරමට වැඩ. එක අල්මාරියක් තියෙනවා, හැබැයි මට ලක්‍ෂයක්වත් ඕනෑ. අඩු කරන්න නම් කියන්න එපා”.


ගැණුම්කරු කිසිත් නොදොඩා රුපියල් ලක්‍ෂයක මුදල ඔහු අත තැබීය. අල්මාරිය පටවා ගත් ගැණුම්කරු පිටව ගියේය. “දුවේ ඔයාට අල්මාරිය මම ඉක්මනට හදලා දෙනවා” පියා දියණියට පැවැසුවේ වෙන කළ හැකි දෙයක් නැති තැනය.


 මංගල උත්සවය අවස්ථාවේ දී ද පියා මනාලයාට සිය පොරොන්දුව එක හෙලා ඉටු කරන බවත් ටිකක් ප්‍රමාදවීම ගැන කණගාටුවන බවත් පැවසීය. බෑණා මාමණ්ඩියට  පැවසුවේ ඒකට කමක් නැහැ තාත්තේ කියාය.


 මංගල උත්සවයෙන් පසු පියා අත ඉක්මන් කර අල්මාරියේ වැඩ පටන් ගත්තේය. එහි වැඩ අවසන් වේගෙන එද්දීත් පෙර සේම ඉල්ලුමක්  ආයේය. මේ ආකාරයට අල්මාරි හත අටක්ම තැනූ පියා ඒවා විකුණුවේ මංගල උත්සවයෙන් පසු පැවති මුදල් අගහිඟකම ද නැති කරගන්නටය. මේ අතර දියණියට පුතකු ලැබිණි.


 මුණුපුරාගේ ඉඳුල් කට ගාන දිනයේ පියා ලොරියකට සියලු බඩු පටවාගෙන ගොස් බෑණාට බාර දුන්නේ “මෙන්න පුතේ මාගේ පොරොන්දු වූ දෑවැද්ද තරහ නැතිව බාරගනින්” කියමිනි.



අදහස් (2)

දුවගේ දෑවැද්ද පුතුගේ ඉඳුල් කටගාන දවසේ ගෙනත් දීලා

සෙන්ජී Wednesday, 26 December 2018 08:42 AM

කොහොම නමුත් බාසුන්නැහේ පොරොන්දු ඉටු කිරීම ගැන සතුටු වන්න.

:       0       107

Harindra Thursday, 27 December 2018 03:07 AM

උතුම් තාත්තෙක්.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site