IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


කන්තෝරුවේ මීයා නෝනාගේ සාරිය අස්සට රිංගලා

 ආයතනයේ කාර්යාල කාර්ය සහයකවරයා විසින් අල්ලා  ගන්නා ලද මීයා ලිපිකාරිනියගේ සාරිය අස්සට රිංගා ගැනීමෙන් කාර්යාලය එකම ජංජාලයක් වූ පුවතක් මහනුවරට තදාසන්න රාජ්‍ය ආයතනයකින්  වාර්තා වේ.


 වාර්තා වූ පරිදි සිද්ධිය මෙසේය.


 අදාළ රාජ්‍ය ආයතනයේ මීයන්ද බහුලව ගැවසීම නිසා එහි ඇතැම් ලිපි ලේඛන ඇතුළු බඩු බාහිරාදියට හානි සිදුවූ අවස්ථාද එමටය.


මේ අතර එම මී උවදුරට එරෙහිව ක්‍රියා කිරීමට තම රාජකාරියන්ට අමතරව පැවරී තිබුණේ තවමත් තරුණවියේ පසුවන සෙල්ලක්කාර ගති පැවතුම්  ඇති එහි කාර්යාල කාර්ය සහයකයෙකුටය.
එදින උදෑසන කාර්යාලය විවෘත කළ පසු තම මී උගුලකට අසුවී සිටි මීයෙකු පිටතට රැගෙන එමින් සිටි සේවකයා එහි නිලධාරීන්ට හා නිලධාරිණියන්ට මීයා ළං කරමින් උසුළු විසුළු කර බිය වැද්දීම් කළේ ඔහු තුළ තිබූ සෙල්ලක්කාර ගති නිසාමය.  


කෙසේ නමුත් එසේ රැගෙන ආ මීයා හදිස්සියේ සේවකයා අතින් ගිලිහී සිය ජීවිතාරක්‍ෂාව පතා රිංගාගෙන ඇත්තේ එහි ප්‍රධාන ලිපිකාරිණියගේ සාරිය ඇතුළටය.


සිද්ධියෙන් දැඩි ලෙස බියට පත්වූ ඇය කෑ කෝ ගසමින් ඒ ආසන්න මේස මත තිබූ ලිපි ගොනු පමණක් නොව මල්පෝච්චි පවා  බිම දමමින් අවසානයේ බිම ඇද වැටුනාය.


මේ අතර මෙතෙක් ප්‍රධාන ලිපිකාරිනියගේ සාරියේ සැඟව සිටි මීයාද ඇගෙන් මිදී සුපුරුදු කාර්යාල වාස භූමිය කරා දිවගිය බව වැඩිදුරටත් වාර්තා වේ.
(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)

 



අදහස් (3)

කන්තෝරුවේ මීයා නෝනාගේ සාරිය අස්සට රිංගලා

ලංකා රානි Saturday, 29 December 2018 11:12 PM

මීයන්ට ගැහැණුන් පමණක් නොවෙයි, සමහර පිරිමිත් බයයි. පොඩි බටු මීයෙක් දැක්කත් පුටු උඩට නගින පිරිමි දැකලා තියෙන නිසා කියන්නේ. බොරු කියන්නේ මක්කටෙයි, මාත් එහෙමයි....

:       1       13

surangaSunday, 30 December 2018 01:56 PM

ගැහැණු නම් බයයි තමයි... එ්ත් පිරිමි? ...ඔයා කැපුවත් කොළද?

:       11       32

ලංකා රානිSunday, 30 December 2018 05:09 PM

සුරංග මල්ලී ඔයා දැන්ද නැගිට්ටේ ? අලියෝයි ,මීයෝයි ඔයා පටලවාගෙන නේ .අලුත් අවුරුද්දට පටලැවින්ල හරි යයි. සුබ අලුත් අව්රුද්දක් !

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site