IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


වැඩිය කන්න ගිහින් තිබුණු ටිකත් නැතිවෙලා

(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
කෙසෙල් කැනක් තමන් විසින් නියම කරගත් මිලට විකිණීමට නගරයට ගොස් එම මිලටම අලෙවි කළත් පාඩු ලැබු සිද්ධියක් පසුගියදා වාර්තා විය.


මහනුවරට නුදුරු ගමක පිහිටි ප්‍රදේශයක විසූ මසුරු ගති ඇති පුද්ගලයෙකු වූ ඔහු තම ගෙවත්තේ හටගත් කෙසෙල් කැනක් රුපියල් එක්දහස් පන්සීයකට අලෙවි කිරීම සඳහා ගැණුම්කරුවන් කිහිප දෙනෙකු වෙත පණිවිඩ යවා ඇත.


එම පණිවිඩ ලද පුද්ගලයන් කිහිප දෙනෙකු කෙසෙල් කැන බලා එයට රුපියල් දහසේ සිට එක්දහස් දෙසීයක් දක්වා විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට ලංසු ඉදිරිපත් කළ නමුත් අයිතිකරු එවාට එකඟ නොවීය. 


එක් ගැණුම්කරුවෙකු හිමිකරු නොමැති මොහොතක පැමිණ ඔහුගේ භාර්යාවගෙන් කෙසෙල් කැන රුපියල් එක්දහස් දෙසීයකට මිල දී ගෙන ඇත. සවස් කාලයේ නිවසට පැමිණි හිමිකරු කෙසෙල් කැන ගසේ නොමැති බව දැක බිරියගෙන් ඒ සම්බන්ධයෙන් විමසා ඇති අතර එය රුපියල් එක්දහස් දෙසීයකට විකුණු බව සඳහන් කළාය.


එය ඇසු ඔහු කෙසෙල් කැන රුපියල් එක්දහස් පන්සීයක් වටිනා බවත් පවසා බිරියටත් දොස් පවරා, කෙසෙල් කැන මිලදී ගත් පුද්ගලයා සොයා ගොස් නැවත මුදල් දී ආපසු රැගෙන විත් ඇත.


නිවසට රැගෙන ආ කෙසෙල් කැන නැවතත් අලෙවි කිරීම සඳහා කිහිප දෙනෙකු වෙත පණිවිඩ යැවූ නමුත් ඔහු පැවසූ මිලට එය මිලදී ගැනීමට කිසිවෙකුත් එකඟ නොවූ තැන පසු දින ඔහු කෙසෙල් කැන ත්‍රිරෝද රථයක දමා ගෙන ගොස් නගරයේ පලතුරු අලෙවි සලකට රුපියල් එක්දහස් පන්සීයකට අලෙවි කර මුදල් ලබා ගත්තේය.


එදිනම සවස් කාලයේ කෙසෙල් කැන එය මිල දී ගැනීමට තවත් ගැණුම්කරුවන් පිරිසක් පැමිණි අතර හිමිකරු එය රුපියල් එක්දහස් පන්සීයකට විකුණු බවත්, ත්‍රිරෝද රථයට රුපියල් පන්සීයක්ම ගෙවූ බවත් ඔවුනට මහත් උජාරුවෙන් පැවැසීය.


එය ඇසු ගැණුම්කරුවන් ඈ මහත්තයෝ ත්‍රිරෝද රථයට පන්සීයක් ගෙව්වද?, එතකොට රුපියල් පන්සීයක්ම පාඩු වෙලා නේද, කෙසෙල් කැනට හම්බවෙලා තියෙන්නේ රුපියල් දාහයි නේද? යයි පවසන්නට වූ අතර එය ඇසූ හිමිකරු හිසේ අත ගසා ගනිමින් හීන්සීරුවේ නිවසට ගොස් දොර වසා ගත්තේය.

 



අදහස් (0)

වැඩිය කන්න ගිහින් තිබුණු ටිකත් නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site