(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
නිවසට ගෙනා චිකන් කොත්තුවක් අල්ලපු ගෙදර බල්ලා හොරෙන් කෑම හේතුවෙන් මිතුරා සමග රණ්ඩු වී ගුටි ඇනගෙන පොලිසි ගිය සිද්ධියක් තලාතුඔය ප්‍රදේශයේ ගමකින් වාර්තා විය.

එක ළඟ පිහිටි නිවාස දෙකක ජීවත් වන මෙම දෙදෙනා සහ පවුලේ සාමාජිකයින් අනෙකාට ද උදව් කරමින් මිතුරුදමින් කාලයක් තිස්සේ ජීවත් වූ අයයි.
ඔවුන්ගේ නිවාස දෙකේම සුරතලයට ඇති කරන බල්ලන් දෙදෙනකු ද සිටින අතර ඔවුන් දෙදෙනා ද හාම්පුතුන් මෙන් හොඳ මිතුරන්ය. එක් මිතුරෙකු වැඩ ඇරී හවසට නිවසට එනවිට රාත්‍රී කෑමට කොත්තුවක් ගෙනවිත් කුස්සියේ තබා ඇත. ඇඟපත සෝදා බිරිඳත් දරුවනුත් සමග සාලයට වී රූපවාහිනිය බලා රාත්‍රී කෑමට සූදානම්ව කුස්සියට ගිය විට කොත්තු පාර්සලය නොමැති බව දැක ඇත.
ඒ පිළිබඳව විපරම් කිරීමේදී කුස්සියේ දොර විවෘත කොට තිබුණු අයුරු දැක බලද්දී අල්ලපු ගෙදර බල්ලා කොත්තුව රැගෙන ගොස් කන අයුරු දැක ඇත.
එය දුටු ගෙහිමියා පොල්ලක් ගෙන බල්ලාට පහර දී ඇති අතර එම සද්දය ඇසුණු අල්ලපු ගෙදර මිතුරා පැමිණ බල්ලාට ගහන්නේ කුමට දැයි අසා රණ්ඩු වීමට පටන් ගෙන ඇත. රණ්ඩුව දුරදිග ගොස් ගුටි බැට හුවමාරුවක් ද සිදු වී ඇති අතර එම සද්දය ඇසී පැමිණි අසල්වැසියන් රණ්ඩුව බේරා ඇත.
දෙදෙනාම තමන්ට වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසි ගොස් පැමිණිලි කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් තලාතුඔය පොලිසියෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මිතුරන් දෙදෙනා විරසක වී සිටියදී බල්ලන් දෙදෙනා චිකන් කොත්තුව නිසා ඊටත් වඩා මිතුරන් වී සෙල්ලම් කරමින් මිදුලේ සිටිනු එම පෙදෙසින් යන කාටත් දැකගත හැකි විය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොත්තුවක් අඹ යාළුවන් දෙන්නා නයි වෛරක්කාරයන් කරලා