(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඇඟේ තෙහෙට්ටුවට උණු වතුර නාන්න ගිය පෙදරේරුවකු වැරදීමකින් නටන වතුර බාල්දිය සිරුරට හලාගැනීමේ සිද්ධියක් හේතුවන් අන්තිමේ ලීටර් 500 වතර ටැංකි 2 ක් හිස්වනතුරු නාන්නට සිදුවීමේ පුවතක් ගම්පහට නුදුරු පෙදෙසකින් වාර්තාවේ.

පෙදරේරුවා දවසේ වැඩ අවසන් කර නිවසට ආවේ ඉතාමත් අපහසුවෙනි. අනේ මගේ ඇඟපත ඔක්කොම රිදෙනවා. ‘අද උණු වතුර ටිකක් නා ගත්තොත් හොඳයි‘ ඔහු බිරියට පැවසුවේය.
බිරිය වතුර උණු කරන අතර සැමියා ගිමන් හැරියේය. වතුර සූදානම් බවට බිරියගේ දැනුම්දීම අනුව සැමියා නාන්නට ගියේය. බිරිය වතුර බාල්දිය බැගින් ගෙනවිත් දුන්නාය. බිරිය ගෙනවිත් දෙන වතුර බාල්දියට ඇල් දිය මුසු කොට සිය අවශ්‍යතාව ඉටුකරගනිමින් සිටි සැමියා වැරදීමකින් ඇල් දිය මුසු නොකළ වතුර බාල්දියක් ඇඟට හලා ගත්තේය.
සැමියාගේ මරහඬ දීමත් සමග ක්‍රියාත්මකවූ බිරිය සිදුවූ සියල්ල වටහා ගත්තාය. උණුවතුර නාමින් සිටි සැමියා ගේ සිරුරට නළයක් යොදා ගෙන ඇල් දිය වත් කළාය. ටැංකියේ වතුර අවසන් වන තුරු එසේ කළ බිරිය අන්තිමේ සැමියා රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දෙන්නට ද පියවර ගත්තාය.
උණු වතුර බාල්දි කිහිපයකින් සිරුර සතපා ගන්නට ගිය පෙදරේරුවා අන්තිමේ වතුර ලීටර් පන්සියයක් නා රෝහල්ගතව ප්‍රතිකර ලබා නිවසට පැමිණි පසු “මදැයි මම ඇඟේ අමාරුව නැති කරගන්න උණු වතුර නෑවා“. කියමින් මිතුරන් සමග සතුටු සාමීචියේ යෙදෙමින් කල්ගත කරමින් සිටී.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇඟේ අමාරුව නිවා ගන්න ගිහින් අන්තිමේ රෝහලටත් යන්න වෙලා
kithsiri Tuesday, 01 January 2019 02:33 AM
පිළිස්සුන විට එසේ දිගු වෙලාවක් අඩු පීඩන ජාල ධාරාවක් ඇල්ලිය යුතු බව මේ පෙදරේරු බිරිඳ දැන සිටීම මහත් භාග්‍යයක්.