IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මළ ගෙදර ගිය මිතුරා බූරු පොළකට රිංගා සේසතම නැතිකරගෙන

(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)
අගනුවර සිට දුර පළාතක පිහිටි අවමංගල නිවසකට කුලී වාහනයකින් ගිය මිතුරන් පිරිසක් අතරේ සිටි අයෙක් ගිය වැඬේ පැත්තක තබා හොරෙන් එම නිවස අසල බූරු පොළකට ගොස් පැරදී අතේ මිටේ තිබූ දේත් අහිමිකරගෙන ආපසු පැමිණි සිද්ධියකි මේ.


සිද්ධිය මෙසේය. අගනුවර වැඩපොළක රැකියාවක් කරන මිතුරන් පිරිසකි. රැකියාව කරන මිතුරකුගේ සමීප ඥාතියකු හදිසියේ මරණයට පත්වූ බව ඇසූ මිතුරන් එහි යාමට කතිකා කරගෙන කුලී වෑන්රියකින් එහි ගොස් ඇත.


මෙම ගමන සඳහා රාත්‍රි කාලය තෝරාගෙන එදිනම රැයේ ආපසු ඒමටට ද මිතුරෝ තීරණය කළහ.


ඒ අනුව අගනුවරින් බැහැර තිබූ මෙම අවමංගල්‍ය නිවසට රාත්‍රියේ ගිය මිතුරන් කෙටි වෙලාවක් එහි රැඳී සිට ශෝකය පළකර ආපසු ඒමට සැරසී ඇත.


පිරිස සමග ගිය අයකු ගිය තැනක් හොයාගන්නට නොහැකි වී ඔහු සොයද්දී අසල තිබූ බූරුපොළකට එබිකම් කර බලද්දී මිතුරා එහි සිටිනු දැක මවිතයට පත්ව ‘මචං එළිවෙන්න ළඟයි යන්නේ නැද්ද?” කියා විමසූ විට ගාණක් දිනල ඉන්නේ තව ටිකයි. එනවා ඉක්මනට කියා ඇත.


මිතුරා ගාණක්  හම්බකරගෙන එනු ඇතැයි සිතූ අනෙක් මිතුරන් මද වෙලාවක් බලමු දිනලා අපිටත් මොනවහරි කරයිනේ කියා ඇත. එහෙත් අලුයම වනතෙක්ම මිතුරා නොපැමිණි නිසා නැවත සොයද්දී මිතුරා වේගයෙන් එනු දැක මොකද වුණේ දිනුවද කියා විමසා ඇත.  දිනුවා තමයි අතේ මිටේ තිබුණ ඒවත් සුද්දයි ඔහු පවසා ඇත.


ඕකනේ අපි කියන්නේ ඕවට යන අය ගොඩ යන්නේ නෑ කියලා. දැන් ඉතිං යමං මොනව කරන්නද කියා මිතුරන් ආපසු ඒමට පිටත්ව ඇත.

 



අදහස් (0)

මළ ගෙදර ගිය මිතුරා බූරු පොළකට රිංගා සේසතම නැතිකරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site