IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඡන්ද දායකයාගෙන් ගමේ මන්ත්‍රීට රෙද්ද අස්සෙන් ආචාරයක්

ඡන්ද දායකයා රෙද්ද අස්සෙන් තම මන්ත්‍රීවරයාට ආචාර කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය. ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඔහුට තමන් පත් කළ ගම කෙමෙන් කෙමෙන් අමතක වන්නට වූ අතර මන්ත්‍රීධුරයේ කටයුතු කළ අවස්ථාවල සිදු වූ යම් යම් සිදුවීම් හේතුවෙන් සිය හිතවතුන් පිරිසක් නොහොඳ නෝක්කාඩුවෙන් පසු වූහ.


එම පිරිස කවදා හෝ නැවත තම මන්ත්‍රීවරයා ගම්මානයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසු වූයේ ඔහුට පාඩමක් ඉගැන්වීමේ අරමුණිනි.


 මෙම ගම්මානය කඳුකර ප්‍රදේශයක පිහිටි අතර මේ දිනවල උදෑසන කාලයේ පවතින සීත කාලගුණය නිසා ගම්මානයේ ජනතාව තම නිවෙස් ඉදිරිපිටටවී හිරු එළියෙන් ගත උණුසුම් කර ගැනීම මේ දිනවල උදෑසන බොහෝ තැන්වල දක්නට ලැබුණි.


මේ අතර  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණයක පෙරහුරුවක් ලෙස ඡන්ද දායකයන් මුණ ගැසීමට පසුගියදා ගම් ප්‍රදේශයේ ඇවිදීමට ගියේය.  


ගම් ප්‍රදේශයේ ගෙවල් කීහිපයකටම ගොඩ වූ ඔහු තමන් සමඟ අමනාපයෙන් පසුවන අයකුගේ නිවසක් කරාද ගියේය.    


මන්ත්‍රීවරයා යනවිට පෙරකී අමනාප වූ පුද්ගලයා සහ ඔහුගේ සගයෙකුද සමඟ හිස සිට දෙපතුළ දක්වා සරම පොරවාගෙන හිරු එළිය තපිමින් සිටි අයුරු මන්ත්‍රීවරයා දුටුවේය. 


මන්ත්‍රීවරයා ඔවුන් සිටි තැනට පැමිණ “ආයුබෝවන් කොහොමද සැප සනීප” යැයි. දෑත් එක්කර ආචාර කරමින් විමසුවේය. ඒ සමඟම හිස සිට දෙපතුළ දක්වා සරම් පොරවාගෙන හිරුරැස් විඳිමින් සිටි දෙදෙනා තම දෙපතුල අස්සෙන් සරම ඉහළට දෑත් ඔසවා සමාචාර  දැක්වූහ. 


එය දැක හීන් දාඩිය දැමූ මන්ත්‍රීවරයා ඡන්ද දායකයාගේ ආචාරය පිළිගැනීම පසෙක තබා ආපයින්ම දිවයද්දී ඡන්ද දායකයෝ “ඇයි ඔබතුමා ආ පයින්ම යන්නේ, සීතලටත් එක්ක තේ එකක් බිලම යමු” යයි සිනාසෙමින් ඇසූහ. 



අදහස් (0)

ඡන්ද දායකයාගෙන් ගමේ මන්ත්‍රීට රෙද්ද අස්සෙන් ආචාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site