IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මුරකරුගේ විදුලි පන්දමෙන් උම්බලකඩ මතුවෙලා

(තිහගොඩ උපසේන ලියනගම)
ඇතුගල්පුරයට නුදුරෙන් ප්‍රධාන පෙළේ සිල්ලර වෙළඳසලකි. එහි මුරකරුවකුද සේවයේ නිරතව සිටි අතර ඔහු දිවා රාත්‍රී වෙනසක් නැතිව තම රාජකාරියේ නිරත විය.


රාත්‍රියේ සේවයේ නිරතවන විට තමා සතුව තිබූ විදුලි පන්දමේ එළිය මදි නිසා කෑලි පහක දිග විදුලි පන්දමක් ලබාදෙන ලෙස ආයතන හිමියාගෙන් ඔහු කළ ඉල්ලීම සැණෙන් ඉටුවිය.


රාත්‍රියේ මෙන්ම දහවලේත් එම විදුලි පන්දම රැගෙන සේවයට ආ ඔහු පිළිබඳව කිසියම් රහසක් ආයතන හිමියාට සේවකයකුගෙන් දැනගන්නට ලැබිණ.


පසුගියදා දහවල් සේවයට පැමිණ ආපසු යන විට විදුලි පන්දම ඉල්ලාගත් ආයතන හිමියා එහි පසුපස පියන කරකවා ඇතුළත බැලීය. ඔහුට දෙවියන් සිහිවිය.


එහි බැටරි කෑලි වෙනුවට තිබුණේ තදවනසේ ඔබා තිබූ උම්බලකඩ කෑලි රැසකි. උම්බලකඩවලින් විදුලිය නිපදවන හැටි මම දැනගත්තෙ අදයි කී ආයතන හිමියා තවත් කිසිවක් කීමට සූදානම් වූ විට මුරකරු පැත්ත පළාතක වත් හිටියේ නැතිලු.



අදහස් (0)

මුරකරුගේ විදුලි පන්දමෙන් උම්බලකඩ මතුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site