IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ආදි කාලේ පොරවක් පණ පොවන්න ගිහින් ජරමරයක්

(මැදිරිගිරිය - චාපා මධුභාෂිණි) 
පරම්පරා දෙකක් පරණ පොරොව පණ පෙවීමට කම්මලට ආ වැඩිහිටියකු කම්මල් බාස්ටත් දෝස්මුරයක් තබා බාගෙට පණ පෙවූ පොරොව ද රැගෙන යාමේ අපූරු පුවතක් රජරට දුෂ්කර ගම්මානයකින් වාර්තා විය. 


සිද්ධිය වාර්තා වන අන්දමට මෙසේය. 


ඔහු වයස අවුරුදු 75ක් පමණ පෙනුමැති උඩුරැවුලද වවා තම පරම්පරාව ගැන අභිමානයෙන් ජීවත් වන පියෙකි. ඔහු නමින් පොඩි සිංඤෝය. 


තම පරම්පරාවෙන් ලැබුණු වස්තු අතර ඔහු පොරොවට ඉතා දැඩි ලෙස ආදරය කළේය. පොරොව කැපීම අඩු බව දැනුණු නිසා එය රැගෙන නගරය ආසන්නයේ කම්මලට පැමිණි පොඩි සිංඤෝ මාමා පොරොව කම්මලේ බාසුන්නැහැ අත තබා පොරොව හොඳට පණ පොවන මෙන් ඉල්ලා සිටියේය. 


‘මාමා පුංචි වැඩක් තියෙනවා. පොඞ්ඩක් වාඩිවෙලා ඉන්න පුළුවන්ද’ කම්මල් බාසුන්නැහැ පොඩි සිංඤෝ මාමාගෙන් විමසීය.


‘කමක් නෑ දරුවෝ, කමක් නෑ මම ඉන්නම්’. 


පැයකට පමණ පසු කම්මල් බාසුන්නැහැ පොරව අතට ගෙන උදුනේ තබා පොල් කටු අඟුරු ද දමා හොඳට රත් කළේය. 


දැන් පොරව රන් පැහැ වී ඇත. අඬුවක ආධාරයෙන් අතට ගත් කම්මල්කරු එය කිනිහිරය මත තබා තම ගෝලයාගේ ද සහායෙන් පොරව තලන්නට විය.


‘ඕක පරම්පරා ගණනක් පරණ පොරොවක්. මගේ තාත්තට ලැබිලා තියෙන්නේ එයාගේ තාත්තාගෙන්’ යැයි පොඩි සිංඤෝ මාමා කියන්නට විය. 


‘ආ ඇත්තද හොඳ පොරොවක්’ එවිට කම්මල්කරු කීවේය. පොරොව හොඳට තැලූ කම්මල්කරු එහි වැඩි කොටසක් කපන්නට කපනකටුව අතට ගත්තේය. එවිට පොඩි සිංඤෝ මාමා ‘රජෝ පොරොව කපන්න එපා’ යැයි තද ස්වරයෙන් කම්මල්කරුට අණ කළේය. 


‘එහෙම බෑ. මේ වැඩි ටික කපන්න ඕනෑ.’


‘එපා එපා පොරොව කපන්න එපා’. 


දෙදෙනා අතර කතාබහ දැන් දුරදිග ගියේය. රත් වී ගිනියම් වී තිබූ පොරොව කම්මලේ තිබූ අඬුවක ආධාරයෙන් අතට ගත් පොඩි සිංඤෝ මාමා ඉතා අපහසුවෙන් පොරව තැලීම වෙනුවෙන් දිය යුතු කුලියද නොගෙවා කම්මල්කරුට දොස් තබමින් කම්මලෙන් පිටව ගියේය. අවසානයේ කම්මල්කරුට අඬුව ද අහිමි විය. 

 



අදහස් (0)

ආදි කාලේ පොරවක් පණ පොවන්න ගිහින් ජරමරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site