IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රිය පුහුණුවට ගිය පුතා තාත්තාටත් තරු පෙන්නලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගමක තරුණ පුත්‍රයකුට පියා උපන්දින තෑග්ගට දුන්නේ අලුත්ම අලුත් රෝද තුනක වාහනයකි. පුතාට එය පදවන්න බලපත්‍රයක් තබා හැකියාවක් ද නැත. මේ නිසා ඉක්මනින්ම රිය පුහුණු පාසලකට ඇතුළත් වූයේ රිය පැදවීමේ පුහුණුව ලබා බලපත්‍රය ගන්නා අදහසිනි. එතෙක් පියා රිය පැදවීය.


යතුරුපැදියේ සිට බස් ලොරි බලපත්‍රය ලබා ගන්නා පුහුණුලාභීන්ගේ පුහුණුවේ පළමු දිනය සාමාන්‍ය පරිදි ගෙවී ගියේය. දෙවැනි දිනයේ න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගික පුහුණුවද ලබාදෙනු ලැබීය. වාහනයක් පණගැන්වීමට පෙර කළ යුතු කාර්යයන් පිළිබඳව   මූලික පුහුණුවේදී කියා දුන්නේය. 


සියල්ල සාවධානව අසා සිටි පෙර කී ප්‍රත්‍රයා නිවසට ගියේය. පියා මිලදී ගෙන ආ ත්‍රීරෝද රිය පරීක්ෂා කරන්නට විය. බැටරිය වතුර, රෝදවල වායුව ප්‍රමාණවත් ද යන වග ඇතුළු මූලික කාරණා පිළිවෙළින් පරීක්ෂා කරගෙන යද්දී මේ පුත්‍රයාට එක් ගැටලුවක් ඇතිවිය. 


එන්ජිමේ ඔයිල් ප්‍රමාණය පිළිබඳව මිම්ම පරීක්ෂා කිරීමෙන් පසු ඇන්ජිමේ වතුර දමන සිසිලන පද්ධතිය කොහේදැයි සොයා බැලුවේ සිසිලන පද්ධතියේ නියමිත පරිදි වතුර නොතිබුණහොත් සිදුවන හානිය ගැන දේශකයා කළ දැනුම්වත් වීම හොඳින් ධාරණය කරගෙන සිටි නිසාය. වතුර දමන තැනක් දක්නට නැත. මේ පුත්‍රයා උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ පෑවේය. වාහනයේ විස්තර සහිත පොත අතට ගෙන මුල සිට අගට මෙන්ම අග සිට මුලටත් පෙරළා බැලීය. ඒ කිසිවකත් සිසිලන පද්ධතියක් ගැන සඳහනක් නොවීය. වහාම දුරකතනය අතට ගත් මේ පුත්‍රයා තම හොඳම මිතුරාට ඇමතුමක්දී තම ප්‍රශ්නය ඉදිරිපත් කළේය.


විහිළුවට මුල් තැන දෙන මිතුරා උපදේශයක් දුන්නේය. ඒ අනුව කළ පරීක්ෂාවේදී එන්ජිමේ වතුර බිඳක්වත් නැති බව මේ පුත්‍රයාට පෙනී ගියේය. ඔහු කරාමය ඇර වතුර පුරවන්ට විය. ලීටර් හත අටක් පමණ ජලය අල්ලන බව ඔහුට පෙනුණි.


සියල්ල අවසන් කළ පුත්‍රයා බලා සිටියේ පියා එන තුරුය. “තාත්තේ ත්‍රීවීල් එකේ වතුර බින්දුවක්වත් තිබුණේ නැහැ. මම වතුර පිරෙව්වා”යි කීවේ උජාරුවෙන්ය. පියාට මහත් ප්‍රශ්නයකි. “කොහාටද වතුර පිරෙව්වේ” පියා ඇසුවේ කිසිත් නොදැනය. පුතා “මෙතනින්” යැයි කියා පෙට්‍රල් ටැංකියේ මූඩිය විවෘත කර පියාට පෙන්වීය. අනේ අපොයි කී පියා පුතු ළඟට කැඳවා මෙසේ සිදුවුණේ කෙසේදැයි විමසීමේදී මිතුරාගේ උපදේශය අනුව එසේ කළ බව පුතා පැවසුවේ හඬමිනි. සියල්ල පුතාට පැහැදිලි කර දුන් පියා පසු දින උදේම කාර්මිකයකු ගෙන්වා පෙට්‍රල් ටැංකියේ වතුර ඉවත් කරන්නට පියවර ගනු ලැබීය.

 



අදහස් (0)

රිය පුහුණුවට ගිය පුතා තාත්තාටත් තරු පෙන්නලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site