(මාවතගම කාන්චන මාලා බණ්ඩාර)
කොණ්ඩාවලු පටලවා ගෙන දබර කර ගත් කාන්තාවන් දෙදෙනාගේ පැමිණිලි විභාග කරමින් සිටි පොලිස් පරීක්ෂකගේ දුරකතනය සොරා ගෙන යාමට තැත් කළ කාන්තාවක ගැන පොලිසියෙන් ඇසුණු කතාවකි මේ.
මාවතගම ප්‍රදේශයේ එක් ගමක කාන්තාවන් දෙදෙනකු දබර කරගෙන එක් කාන්තාවක් ඒ ගැන පොලිසියට පැමිණිලි කර තිබිණි.
දෙපාර්ශ්වයම පොලිසියට කැඳවා ඒ පිළිබඳ විභාගය පැවැත්වුණි. කාන්තාවන්ගේ දබරය ගැන දෙදෙනාටම අවවාද කරමින් පරීක්ෂණ නිමා කළ පොලිස් පරීක්ෂකවරයා වෙනත් අවශ්‍යතාවකට තම මේසය මත වූ ජංගම දුරකථනය සෙවීය. එය සොයා බැලූමුත් නොමැති තැන සහෝදර නිලධාරියකු ලවා තම දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේය. පරීක්ෂණ අවසන් වී පොලිසියෙන් පිටව යමින් සිටි කාන්තාවකගේ සහායට පැමිණ සිටි ඇගේ මවගේ බෑගය තුළින් අතුරුදන් වූ දුරකථනය නාද වනු ඇසිණි.
පොලිස් පරීක්ෂකවරයාට බෑගය පරීක්ෂා කිරීමේදී ඒ තම දුරකථනය බව දැකගත හැකි විය. කාන්තාවන් ලැජ්ජාවෙන් ඇඹරෙමින් සිටිනු දැකගත හැකිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මේ මේවා අහන්නත් ලැජ්ජයි....
අනේ අම්මේ මේවා අහන්නත් ලැජ්ජයි '