IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


යාචකයාගේ උත්තරෙන් මහත්තයාට තරු පෙනිලා

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
සිඟමනේ පැමිණි යාචකයකුට මුදලක් දීමට මාරු සල්ලි නැති බව පැවසූ විට යාචකයා දුන් පිළිතුරින් අන්දමන්ද වූ පුද්ගලයකු පිළිබඳව නාගරික ප්‍රදේශයකින් වාර්තා විය.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


ඔහු බස් රථයකට නැග ඇත්තේ නිවෙස බලා යාමටය. එදින ඔහුගේ පඩි දිනයද විය. ටික වේලාවක් ගත වෙද්දී බස් රථයට යාචකයකු ගොඩ විය. “අනේ මට කන්න මොනවා හරි ගන්න කීයක් හරි දෙන්න” යැයි අත පාමින් බස් රථයේ සියල්ලන් අසලටම යාචකයා පැමිණ ඇත. කීයක් හරි ලබා දෙනකම් එක් එක් මගියා අසල යාචකයා රැඳී සිට ඇත.


අන්තිමට අප කියන තැනැත්තා අසලට පැමිණි යාචකයා මහත්තයා මට කීයක් හරි දෙන්න. හරි බඩගිනියි” යැයි පවසා ඇත. හිත උණු වන පුද්ගලයකු වන ඔහුට යාචකයාට කීයක් හෝ දෙන්නට සිතුන ද මාරු කාසි නැතිවීම මහත් ප්‍රශ්නයක් විය.


මං ළඟ තියෙන්නේ පන්දාහේ නෝට්ටු” යැයි මෙකී තැනැත්තා පවසා ඇත. එවිට යාචකයා “හරි සර් මට දෙන ගාන කියන්නකෝ  මං මාරු කරල ගන්නම්” යැයි පවසමින් දහසේ, පන්සියයේ නෝට්ටු මිටියක් එළියට ගෙන ඇත. අන්දුන් කුන්දුන් වූ ඔහු “යකඩෝ, මේ මිනිහා කන්නේ තරු පහේ හෝටල්වලින්” යැයි පවසමින් යාචකයා එළවාගෙන ඇත.

 



අදහස් (0)

යාචකයාගේ උත්තරෙන් මහත්තයාට තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 600 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site