(වියලුව වාර්තාකරු)
ඉහළ නිලයක් දරන නිලධාරියකුට ගවපට්ටි හිමියකු විසින් අපූරු පාඩමක් ඉගැන්වූ පුවතකි.
සිද්ධිය මෙසේය.
ගම්බද ප්‍රදේශයක පිහිටි රාජ්‍ය ආයතනයකි. අයාලේ යන ගවයන් නිසා ආයතනයේ මල් වගාවට සිදුවන හානිය පිළිබඳව එහි කම්කරුවන් සිය ආයතන ප්‍රධානියාට පැමිණිලි කළේ ඔහුගෙන් හෝ කිසියම් විසඳුමක් ඒ සඳහා ලැබේ යැයි තිබූ විශ්වාසය නිසාය.
“සර් අපි මල් වැව්වත් වැඩක් නැහැ. හරක් ඇවිත් ඔක්කොම පාගනවා.” සේවකයෝ පිරිස කියා සිටියහ. ආයතන ප්‍රධානියාගෙන් ඊට ලැබුණේ කදිම උත්තරයකි.
“වත්තට එන හරක් ටික ගැටගහමු. හරක් ඕනෑ නම් එක හරකකුට ගොම පෝර බෑග් 10 ගානේ අපි ඉල්ලගමු” ආයතනය ප්‍රධානියා අපූරු යෝජනාවක් කරමින් කිසියම් මුදලක්ද සේවක පිරිස අත තැබුවේ ගවයන් ඇල්ලීමේ කටයුත්ත සඳහා අලුතින්ම ලණු කීපයක්ද මිලදි ගන්නා ලෙස පවසමිනි.
පසුගිය දිනෙක ගෙවත්තට පැමිණි ගවයන් දෙදෙනකු එහි සේවකයන් අල්ලා ගැට ගැසුවේ ආයතන ප්‍රධානියාගේ උපායට අනුවය.
නැතිවූ ගවයන් සොයා පැමිණි ගව හිමියාට ආයතනයේ ක්‍රියා පටිපාටිය කියාදුන් සේවක පිරිස ඔහු ප්‍රධානියා වෙත යොමුකරනු ලැබුවේ වැඩි විස්තර ප්‍රධානියාගෙන්ම අසා දැන ගන්නැයි ඉල්ලීමක්ද කරමින්ය.
“හොඳයි ඒ හරක් දෙන්නා දෙන්නම් හැබැයි අපිට ගොම බෑග් 20ක් ගෙනත් දීලා හරක් ටික අරන් යන්න” එක හරකකුට බෑග් 10යි. ප්‍රධානියා කාරුණිකව පැවසුවේය.
දෙකට තුනට නැමී ආයතන ප්‍රධානියාගේ ඉල්ලීමට අවනතභාවය පළකල ගවපට්ටි හිමියා ගවයින් දෙදෙනාගේ කරේ තිබූ අලුත්ම ලණු දෙකටද කෙළ හලමින් රැගෙන ආයතනයෙන් පිටව ගියේ ලණු දෙකත් පොහොර බෑග් විස්සක් ඉතා ඉක්මනින්ම ගෙනැවිත් භාර දෙන බව එහි සේවක පිරිසට පවසමිනි.
සිද්ධියෙන් මේ වනවිට මසකටත් එහා කාලයක් ගතවී ඇතත් පොහොර බෑග් 20 තබා අලුත්ම ලණු දෙකවත් ලැබෙන පාටක් නැතැයි ආයතනයේ සේවකයන් පවසන්නේ ගව පට්ටි හිමියාගේ නුවණට ප්‍රධානියාගේ නුවණ පරාජය වූ බවට ඔච්චම් කරමිනි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ගොමත් නෑ ලණුවත් නෑ