පොලිස් රාලහාමිලා මාරුවෙන තෙක් තේ පැළවලට කරිඤ්ඤං හලලා
රජයේ මත්පැන් මිල ඉහළ යාමත් සමග නීති විරෝධී මත්පැන් පෙරීම හා භාවිතය ගම්වල වැඩි විය. කුඹුරේ හේනේ වැඩපළෙහි කාර්යයන් නිමකරන බොහෝ දෙනෙකු හැන්දෑවට මී විත බිඳක් තොලගෑම පුරුද්දකි. අරක්කු බෝතලයක් ගන්නට වත්කමක් නැති බොහෝ දෙනා සවසට කසිප්පු, කරිඤ්ඤං තිප්පළ කරා පිය නැගූහ. නීතියේ රැහැනට කොටු නොවී කොතෙකුත් රහසිගතව පැවැතිය ද මෙම ස්ථාන පිළිබඳ කනින් කොනින් පොලීසියට ඉව වැටේ. සමහරු ඔත්තු දේ.