(පුෂ්පකුමාර මල්ලවාරච්චි)
ගමේ සංවර්ධනය වෙනුවෙන් පිහිටුවා ගන්නට ගිය සමිතියක මුල්පුටු බෙදා ගැනීමට නොහැකිව කඩාකප්පල් වීමේ අපූරු පුවතක් ගම්පහට නුදුරු ගමකින් වාර්තා විය.

වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
ගමේ සංවර්ධනය සඳහා ප්‍රදේශයේ පරිපාලන කාර්යාලයේ නියමය පරිදි සමිතියක් පිහිටුවා ගැනීමට සියල්ල සූදානම් කෙරිණි. ඊට සුදුසුම ස්ථානය ලෙස කවදත් තෝරාගත් ගමේ විහාරයට ගමේ තරුණ මහළු හැමෝම පැමිණියහ.
ඊට ප්‍රදේශයේ පරිපාලන කාර්යාලයේ බලධාරීහු ද පැමිණ සිටියහ.
මූලාසනය ගමේ නායක හාමුදුරුවෝ හෙබවූහ. ආගම සිහිකිරීමෙන් පසු පළමුවෙන්ම නිලධාරීන් තෝරා පත් කර ගත යුතු බව ග්‍රාම නිලධාරිවරයා සභාවට දැන්වීය.
සභාපති පුටුව මට ඕනෑ. දුප්පතුන් වෙනුවෙන් පත් කළ නිලධාරියෙක් එහිදී යෝජනා කළේය. අනෙක් තනතුරුත් මට හිතවත් අයට තමයි දෙන්න ඕනේ. ඔහුගේ යෝජනාවට ගමේ සියල්ලෝම විරුද්ධ වූහ. ලේකම්කම දීමට පිරිසක් කැමති වුවත් ඔහු ඊට විරුද්ධ විය. සභාපතිකම හැරෙන්න කිසිවක් මට එපා, මා බාරගන්නේ නෑ. දෙපිරිස දෙපැත්තකට වී හැල හැප්පිලිවලින් ඉවරයක් නොවීමෙන් හිටපු නිලධාරීහු ද සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ.
සමිතිය පිහිටුවා ගැනීමට ආ ගමේ කාන්තාවන් ඇතුළු ඇතැම් පිරිස් දුප්පතුන් වෙනුවෙන් පත් කළ නිලධාරියාට බැණ බැණ නිවෙස බලා පිටත්ව ගියහ.
අවසානයේ ගමේ සංවර්ධනය වෙනුවෙන් පිහිටුවා ගැනීමට ගිය සමිතියට හෙනහුරා ලැබීයැයි ඇතැමෙක් පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd