IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගමේ සමිතියේත් පුටුවලට කෙළගෙන

(පුෂ්පකුමාර මල්ලවාරච්චි)
ගමේ සංවර්ධනය වෙනුවෙන් පිහිටුවා ගන්නට ගිය සමිතියක මුල්පුටු බෙදා ගැනීමට නොහැකිව කඩාකප්පල් වීමේ අපූරු පුවතක් ගම්පහට නුදුරු ගමකින් වාර්තා විය.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


ගමේ සංවර්ධනය සඳහා ප්‍රදේශයේ පරිපාලන කාර්යාලයේ නියමය පරිදි සමිතියක් පිහිටුවා ගැනීමට සියල්ල සූදානම් කෙරිණි. ඊට සුදුසුම ස්ථානය ලෙස කවදත් තෝරාගත් ගමේ විහාරයට ගමේ තරුණ මහළු හැමෝම පැමිණියහ.


ඊට ප්‍රදේශයේ පරිපාලන කාර්යාලයේ බලධාරීහු ද පැමිණ සිටියහ.


මූලාසනය ගමේ නායක හාමුදුරුවෝ හෙබවූහ. ආගම සිහිකිරීමෙන් පසු පළමුවෙන්ම නිලධාරීන් තෝරා පත් කර ගත යුතු බව ග්‍රාම නිලධාරිවරයා සභාවට දැන්වීය.


සභාපති පුටුව මට ඕනෑ. දුප්පතුන් වෙනුවෙන් පත් කළ නිලධාරියෙක් එහිදී යෝජනා කළේය. අනෙක් තනතුරුත් මට හිතවත් අයට තමයි දෙන්න ඕනේ. ඔහුගේ යෝජනාවට ගමේ සියල්ලෝම විරුද්ධ වූහ. ලේකම්කම දීමට පිරිසක් කැමති වුවත් ඔහු ඊට විරුද්ධ විය. සභාපතිකම හැරෙන්න කිසිවක් මට එපා, මා බාරගන්නේ නෑ. දෙපිරිස දෙපැත්තකට වී හැල හැප්පිලිවලින් ඉවරයක් නොවීමෙන් හිටපු නිලධාරීහු ද සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ.


සමිතිය පිහිටුවා ගැනීමට ආ ගමේ කාන්තාවන් ඇතුළු ඇතැම් පිරිස් දුප්පතුන් වෙනුවෙන් පත් කළ නිලධාරියාට බැණ බැණ නිවෙස බලා පිටත්ව ගියහ.


අවසානයේ ගමේ සංවර්ධනය වෙනුවෙන් පිහිටුවා ගැනීමට ගිය සමිතියට හෙනහුරා ලැබීයැයි ඇතැමෙක් පැවසූහ.

 



අදහස් (0)

ගමේ සමිතියේත් පුටුවලට කෙළගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 585 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site