ශීඝ්‍රගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයේ හතරවන වේදිකාවේ නැවැත්විය. මැදිරියේ දොරටුව අසල සිටි තරුණයෙක් දුම්රියෙන් බැසීමට ප්‍රථම වේදිකාව දෙපස තියුණු නිරීක්ෂණයක නිරත වූයේය.

“අද ටිකට් චෙක් කරනවා. ටිකට් නැති කට්ටිය බහින් එපා” ඔහු සැමටම ඇහෙන්න පැවසීය. ඔහු ද ප්‍රවේශ පත්‍රයක් නොමැතිව සිටි අයෙකි.
ඔහු දුටු මිතුරෙක්, “මචං මොකද අදත් ටිකට් නැද්දැයි” විමසීය.
“ගත්තේ නැහැ බන්” අනෙකාගේ පිළිතුර විය. මගීන් බසින අතරතුර ප්‍රවේශ පත්‍රය නොමැති තරුණයා දුම්රිය වේදිකාවට විරුද්ධ පසින් පිහිටි වේදිකාව නොමැති ප්‍රදේශය ක්ෂණිකව පරීක්ෂා කළේය.
එහි ප්‍රවේශපත්‍ර පරීක්ෂකයන් දක්නට නොවූයෙන්, ඔහු දුම්රිය ගමන් ආරම්භ කරනතෙක් බලා සිට, දුම්රිය ගමන් කරන විටම බිමට පැන දුවන්නට වූයේය. ප්‍රවේශපත්‍රය අතට ගත් අනෙක් මිතුරා එය පරීක්ෂකවරුන්ට පෙන්වීමට ඉදිරියට පැමිණියේය.
වේදිකාවේ සිටියේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරුන් නොව දුම්රිය මාර්ගය පිළිසකර කිරීමට පැමිණි නිලධාරීන් සහ සේවකයන්ය.
තම මිතුරා රැවටී ඇත්තේ මොවුන්ට බව මිතුරාට පැහැදිලි විය.
රුපියල් විස්සකට තව පොඞ්ඩෙන් මිනිහා බෙල්ලත් කඩා ගන්නවා” මිතුරා තවකෙකුට පැවසීය.
ක්‍රිස්ටෝපර් සිපියන්, අනුරාධපුරය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කොහොමද ලංකාව හදන්නේ? අඩු මුදලකින් වැඩි වෙලාවක් කාලය ගත නොකර යන්න පුළුවන් පහසුම ක්‍රමය තමා දුම්රිය කියන්නේ. එකේ යන්නෙත් හොරෙන්.
තේෂන්,අඩු මුදලකින් යනව කිව්වේ, මේ මිනීමරු දුම්රිය සේවයටද ?එහෙනම් පව්, යුරෝපේ දුම්රිය සේවය ගැන මෙතන මම කියන්නේ නැහැ,අඩු ගානේ ගිහින් බලන්න අපේ අල්ලපු රට ඉන්දියාවේ දුම්රිය සේවයේ අගය, වෙලාවට දුම්රිය එනවා, වේගයත් ඉක්මන්, ළිං මැඩියකුට ඕව කියලා වැඩක් නැහැ සුරුට්ටුවෝ.
හැමෝම දුම්රියේ හොරෙන් ගියොත්, මේවා නඩත්තු කරන්නේ කොහොමද? අද රටේ සමහරු හොරකම විනෝදයට සහ වීර ක්‍රියාවක් ලෙස සැලකීමට පුරුදු වී ඇත..