(කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ)
විවාහය ලියාපදිංචි කිරීමට බලා සිටි ත්‍රිරෝද රථ රියැදුරාට ලැබුණු පණිවිඩයෙන් ඔහුගේ ඉහමොළ රත්වීමේ අපූරු පුවතක් මහනුවර ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය.

සාමාන්‍ය පවුලක වැඩිමහල් පුද්ගලයා වූ ඔහු තමන් විසින් කුලී වැඩ කර උපයා ගත් මුදලින් පහසු ගෙවීමේ ක්‍රමයට ත්‍රිරෝද රථය ලබාගෙන අවසන් වාරිකය ද පසුගිය කාලයේ ගෙවා ත්‍රිරෝද රථයේ සම්පූර්ණ හිමිකම ලබා ගත්තේය.
ඔහු කා අතරත් ජනප්‍රිය හා සුහදශීලී පුද්ගලයකු වීම නිසාම කුලී ගමන්වලින් ද අඩුවක් නොවීය. කුලී ගමන් යන අතරතුර පෙම්වතියක් ලැබීමට ද ඔහුට වාසනාව උදා වූ අතර ඇය යමක් කමක් ඇති පවුලක තරුණියක් වූවාය.
මේ ආකාරයෙන් කාලය ගතවෙද්දී දෙදෙනාගේ ප්‍රේමය දළු ලා වැඩෙන්නට වුවත් තරුණියගේ පාර්ශ්වය මෙම සම්බන්ධතාවට අකමැති විය.
මෙම සම්බන්ධතාව නවතා දැමීම සඳහා තරුණියගේ පාර්ශ්වයෙන් විවිධ යෝජනා ගෙන ආ නමුත් ඈ ඒවා තරයේ ප්‍රතික්ෂේප කළාය.
ත්‍රිරෝද රථ ගාලේ රියැදුරන් බහුතරයක් මේ සම්බන්ධතාවට සහය දැක් වූ අතර ඒ අතර ඔහුගේ පාසල් මිතුරෙක් ද මේ සඳහා වඩාත් උනන්දුවෙන් සහාය දැක්වීය.
ඔවුන්ගේ වැඩි පිරිසකගේ අදහස වූයේ තරුණියගේ අදහස වෙනස් වීමට පෙර හා මව්පියන්ගේ තර්ජනවලින් මිදීමට සුළුවෙන් හෝ විවාහය සිදු කිරීම සුදුසු බවයි.
මිතුරන්ගේ බහුතරයේ යෝජනාවට මංගල්‍යය කටයුත්ත සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගන්නා ලදී.
ඒ අනුව මංගල්‍යයේ දී මනාලියට අවශ්‍ය රන් ආභරණ හා ඇඳුම් පැළඳුම් ද පසුගියදා මිලදී ගෙන ඇය වෙත ලබා දුන්නේය.
අනෙකුත් වියදම් දැරීම සඳහා තමන් මෙතෙක් ආදායම් ඉපැයූ ත්‍රිරෝද රථය විකුණා දැමීය. විවාහය ලියාපදිංචි කිරීමට මිතුරෙකුගේ නිවස යොදා ගත් අතර සාක්ෂිකරුවන් ලෙසත් තවත් මිතුරෝ දෙදෙනෙක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූහ.
මංගල දිනය උදාවිය. සුභ වේලාව පසු වුවත් මනාලිය පැමිණියේ නැත. හිතේ ඇති වූ සැකය නිසාම මනාලියගේ නොපැමිණීම සම්බන්ධයෙන් සෙවීමට ත්‍රිරෝද රථ ගාලේ මිතුරෝ පිටත් වූහ. මෙතෙක් කල් උනන්දුවෙන් උදව් කළ පාසල් කාලයේ පටන් සිටි හොඳම මිතුරා සමග මනාලිය පැන ගොස් ඇති බවට ආරංචිය ලැබිණි.
තම මිතුරන්ගේ බලපෑම නිසා විවාහයක් සිදු කර ගැනීමට ගිය නිසා තමන් විසින් උපයා සපයා ගත් සියල්ල සමග තම පෙම්වතිය ද අහිමි වූයේය.
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යාළුවාගේ පෙමට උදව් කරලා අන්තිමේ පෙම්වතියත් ඩැහැගෙන
ලහිරු සඳරුවන් Tuesday, 04 December 2018 08:39 AM
ඔහොම තමයි මල්ලි, ගණන් ගන්න එපා
dias Wednesday, 05 December 2018 12:56 AM
කිසිම විටක ගැහැනියක් නිසා තමන් සතු සියලු දේ විකුණා දමන්ට එපා.