(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
සැමියා වැලට දැමූ කොළපාට කමිසයෙන් බිරියගේ හොර සැමියා අතටම අල්ලා ගැනීමට හැකිවීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වේ.

වාර්තාවන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
ප්‍රාදේශීය දේශපාලනඥයකු වූ ඔහු මැදි වයසේ පසුවන්නෙකු වන අතර, දෙදරු මවක වන බිරිය ද සම වයසේ වුවත් ඇගෙන් දිස්වූයේ නව යෞවන දඟකාර පෙනුමකි.
සැමියා දේශපාලන හා සමාජ සේවා කටයුතුවලට නිරන්තරයෙන් නිවසින් බැහැරව යන අවස්ථාවල ඇගේ තනිකම හා පාළුව අකා මකා කර ගැනීමට ඇය තෝරා ගත්තේ අසල්වැසි කඩවසම් තරුණයෙකි.
එම තරුණයා නිවසට ගෙන්වා ගැනීම සඳහා සිය සැමියා නිවසේ නොමැති බව ඇඟවීමට ඇය නිවස ඉදිරිපිට කොළ පැහැති ඇඳුමක් එල්ලීම කළාය.
එදින තම බිරිඳ මුළුතැන්ගෙයි උයන, පිහින අතරතුර සැමියා තම ඇඳුම් කිහිපයක් සමඟ කොළ පැහැති ඇඳුමක් ද නිවස ඉදිරිපිට වනා ඇත්තේ මේ කිසිත් නොදැනය.
ටික වේලාවකින් ආදර බස් දොඩමින් උඩුකයද නිරාවරණය කරගෙන බිරියගේ නම කියාගෙන ගොඩ වූ ඇගේ හොර සැමියා අතටම අල්ලා ගැනීමට දේශපාලන සැමියාට හැකිවී ඇත.
සැමියාගෙන් බඩ පුරා කා ඔහු පැන දිවූ සැණින් කුස්සියේ සිටි බිරිඳ මේ වනතුරුත් අතුරුදන් වෙලාලු.
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මන්ත්‍රී සැමියාගේ කමිසයෙන් ගෑනිගේ හොර මිනිහා අතේ මාට්ටු
sarath Monday, 17 December 2018 02:41 PM
ලිඛිත භාෂාව සංයමයෙන් යුතුව භාවිතා කළ යුතුයි.