(තිහගොඩ උපසේන ලියනගම)
තමාට නොගැලපෙන අනුන්ගේ තොප්පියක් හිසලා ගැනීම නිසා අම්බානට ගුටි කෑ කම්කරුවකු පිළිබඳව පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ අධිවේගී මාර්ග වැඩබිමකිනි.

මෙම වැඩබිමේ කම්කරුවන්ට කහ පැහැති හිස් වැසුම්ද තාක්ෂණික නිලධාරීන් සඳහා නිල් පැහැති හිස් වැසුම්ද ඉංජිනේරුවන් සඳහා සුදු පැහැති හිස් වැසුම්ද යෝජිතව තිබූ අතර තේ විවේක අවස්ථාවක ඉංජිනේරුවකු ගලවා තැබූ සුදු පැහැති හිස් වැසුමක් කම්කරුවකු පැළඳ ගැනීම නිසා කෝපයට පත් ඉංජිනේරුවරයා සේවකයාට පයින් පහර දී ඇත.
මෙහිදී කම්කරුවන් අතර මහත් නොසන්සුන්තාවක් ඇති වුවත් ඉහළ මට්ටමේ පරිපාලකයකුගේ උපදෙස් මත මෙය පොලිසියට යොමුකර තිබේ.
ආයතනික අභ්‍යන්තර ප්‍රශ්නයක් බැවින් තම තමන් එක්ව ගැටලුව විසඳා ගන්නා ලෙස පොලිසිය දැනුම් දුන්නාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd