(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනී)
සේතං නමින් හඳුන්වන ඔහු ගමේ විශාල කඩයක් කරන මුදලාලි කෙනෙකි. ගමේ තව පොඩි කඩ තිබුණත් බොහෝ අය එන්නේ මේ කඬේටමය. කඬේ හැම බඩුවක්ම තිබෙන නිසා මුදලාලි ප්‍රසිද්ධය.

වැඩිහිටි කාක් කවුරුවත් එක්ක හොඳින් ඉන්න මුදලාලි හැමදාම සවස් කාලයේ මිතුරන් සමග සතුටු සාමීවියේ යෙදෙන්නේය. ඒ වෙලාවට කඬේ වෙළෙඳාම් කරන්නේ මුදලාලිගේ හාමිනේ සහ සේවක දෙතුන් දෙනෙකි. හැමදාම රාත්‍රි 7,8 වනවිට කඬේ වැසීම මුදලාලිගේ සිරිතය. වෙළෙඳ දැන්වීම් වෙනත් දැන්වීම්, ඡන්ද පෝස්ටර් සහ ඕනෑම දැන්වීමක් කඬේ ඇලවීමට ඉඩදී තිබෙන්නේ මුදලාලිගේ හිත හොඳ නිසාය.
පසුගිය දිනෙක මුදලාලිගේ හිතවතෙක් අවිත් මුදාලාලි දැන්වීමක් තිබෙනවා කඬේ එල්ලන්න දැයි ඇසීය. ඒ සවස් කාලයේය. බලමු දැන්වීම මොකක්දැයි කියලා මුදලාලි හිතවතාගෙන් ඇසුවේය. හිතවතා දැන්වීම මුදලාලි අත තැබීය. නිවසක් කුලියට දිමට තිබේ. මුදලාලිගෙන් විමසන්නැයි කියා එහි ලොකු අකුරෙන් ලියා තිබිණි. මේක කාටත් පේන තැනක එල්ලන්නැයි කියා මුදලාලි කී විට හිතවතා එය පේන තැනකම එල්ලුවේය.
එතැන සිටි කවුරුත් එම දැන්වීම දුටුවෝය. තව තවත් දැන්වීම් කඬේ පුරාම ය. කවදත් වහන වෙලාවට එදිනත් කඩය වසා මුදලාලි ගෙදර ගියේය. පසුවදා උදේ බඩු ගන්න ආ කාන්තාවක් ලොකු අකුරෙන් ලියා තිබෙන දැන්වීම දැක මේ දැන්වීමේ තේරුම මොකක්දැයි මුදලාලිගෙන් ඇසුවාය. මුදලාලි එළියටඇවිත් දැන්වීම් දෙස හොඳින් බැලීය. නිවසක් කුළියට දී තිබේ. මුදලාලිගෙන් විමසන්නයි එහි සඳන් වී තිබිණි.
මුදලාලිට කේන්ති ගියේය. බලපන් ගැහැනියේ මෙකේ ලියලා තිබුණේ නිවසක් කුලියට දීමට තිබෙනවා කිලයයි. මේක නොසන්ඩාල කොල්ලන්ගේ වැඩක්. රෑ තිස්සේ ගස්වල ගෙඩි කඩන කොල්ලෝ මේකේ ලියා තිබුණු දීමට කියන වචනයේ මට යන අකුරු දෙක මකලානේ යැයි මුදලාලි කීය.
මේවගේ වැඩ කරන කොල්ලෝ ටිකක් මේ ගමේ ඉන්නවා බව මම දන්නවා. උන්ට යස පාඩමක් උගන්වනවා කියමින් මුදලාලි පරුෂ වචනයෙන් බැන වැදුනේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd