IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගෙට රිංගූ නයා ලන්තෑරුමක් වෙලා නැන්දම්මාගෙන් පලිගැනිල්ලක්

(දේවහුව ප්‍රසාද් ජයකොඩි)
බිරිඳගේ මවුපියන් නිදන කාමරයට රාත්‍රි කාලයේ නාගයෙකු පැමිණීම නිසා නැන්දම්මා තම බෑණාට කතාකර කියා ඇත්තේ ඉක්මනින් මෝල් ගස රැගෙන නාගයා මරා දමන ලෙසය. රාත්‍රි කාලයේ දී සුළු කරුණකට පවා තමන් අවදි කිරීම පිළිබඳව ඔවුන් සමඟ කෝපයෙන් සිටි බෑණා නාගයා වෙනුවට ලන්තෑරුමට පහරදීමේ සිද්ධියක් කලකට ඉහත දී දේවහුව ජනපදයෙන් වාර්තා වේ.


මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති බෑණා කෑගල්ල ප්‍රදේශයේ සිට  රාජකාරී සඳහා මෙම ප්‍රදේශයට පැමිණ ඇත. ඔහු නැවතී සිටි ස්ථානය අසල පිහිටි වෙළෙඳසලකින් තමාට අවශ්‍ය බඩු මුට්ටු ගැනීමට පුරුදු වී සිටි අතර, ටික දිනකදී වෙළඳසලේ හිමිකරුගේ හිත දිනාගෙන ඔහුගේ දියණිය ද විවාහ කරගෙන එම නිවසේම පදිංචි වූයේය.


බිරිඳගේ මවුපියෝ තම දරුවන්ටත් වඩා බෑණාට ආදරය කළ අතර බෑණාත් තම මාමණ්ඩියගේ සහ නැන්දම්මාගේ හිත දිනාගෙන සිටියේය. සුළු දෙයකට පවා බෑණාට කතාකිරීමට මොවුහු පුරුදුව සිටියහ. රාත්‍රි කාලයේ කුමක් හෝ පොඩි ශබ්දයක් ඇසුණත් බෑණා අවදිකර ඒ ගැන සොයා බලන ලෙස ඔවුහු කියති.


තමාට නිතරම කරදර කිරීම ගැන අමනාපයෙන් සිටි බෑණා මෙයින් ගැලවීමට මගක් කල්පනා කළේය. එක් දිනක් වර්ෂාව පැවති රාත්‍රියක මාමණ්ඩිය හා නැන්දම්මා සිටි කාමරයට නාගයකු පැමිණ ලන්තෑරුම අසල සිට ඇත. එදත් බෑණාට කථාකළ නැන්දම්මා ලන්තෑරුම අසල නාගයෙකු සිටින බවත් කඩිනමින් මෝල් ගස රැගෙන නාගයාට පහරදෙන ලෙස කීවාය. මෙයින් ප්‍රයෝජන ගත් බෑණා මේ දෙදෙනාට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑයි සිතා මෝල් ගස රැගෙන නාගයා වෙනුවට ලන්තෑරුමට පහර දී ඇත. 


මෙය දුටු මාමණ්ඩිය මහ හයියෙන් කියා ඇත්තේ ‘අනේ අපොයි මගේ ලන්තෑරුම. ආයෙනම් බෑණෝ උඹට නාගයන් මරන්න කියන්නේ නැහැ’ මාමණ්ඩිය බෑණාට හොඳටම දොස් පවරා නාගයා එළවා දමා ඇත.


මෙම සිදුවීමෙන් පසු නැන්දම්මා සහ මාමා කිසිදු දිනක රාත්‍රි කාලයේ ඔහු අවදි කිරීමට නොගියහ.

 



අදහස් (0)

ගෙට රිංගූ නයා ලන්තෑරුමක් වෙලා නැන්දම්මාගෙන් පලිගැනිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 585 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site