IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මත්පැන් බී පොලු තැබූ නාගරික මන්ත්‍රීට ආපනශාලා කළමනාකරුගෙන් පාඩමක්

 

(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
මිතුරකු හා මත්පැන් සාදයක් පවත්වා එහි ගාස්තුව වන රුපියල් 1700ක මුදල පසුව ගෙවන බව කියා පිටව ගිය නාගරික මන්ත්‍රීවරයකු එම මුදල ගෙවීම පැහැරහරිමින් කල්ගත කරන බවට ප්‍රසිද්ධ ආපන ශාලාවක කළමනාකරුවකු නගර සභාවේ සභාපතිවරයා වෙත පැමිණිලි කළ පුවතක් වයඹ පළාතේ නගරයකින් වාර්තා විය.


ඉකුත් දිනක අදාල මන්ත්‍රීවරයා මිතුරකු සමග රාත්‍රී කාලයේ මෙම ආපන ශාලාවට පැමිණ කටගැස්ම සමග මත්පැන් විශේෂයක් ලබාගෙන පානය කර ඇත. එහි ගාස්තුව ලෙස රුපියල් 1700ක බිල්පතක් ලබාදීමෙන් පසු තමන්ට ඒ අවස්ථාවේ මෙම මුදල ගෙවීමට හැකියාවක් නැති නිසා පසු දින දහවල් ලැබීමට සලස්වන බව කියා මන්ත්‍රීවරයා පිටව ගොස් තිබේ.


මුදල් නොගෙවූ නිසා ආපන ශාලාවේ කළමනාකරු පසුදින මන්ත්‍රීවරයාට දුරකතන ඇමතුම් කිහිපයක් ලබාගෙන ඇතත් සම්බන්ධ කර ගැනීමට හැකිවී නැත. දින කිහිපයකට පසු කළමනාකරුට අදාළ මන්ත්‍රීවරයා නගරයේදී අහම්බෙන් හමුවී ඇති අවස්ථාවේ තමන් රෝහලේ ප්‍රතිකාර ගත් නිසා සල්ලි අතින් අමාරුයි දීමනාව ලද විගස ගෙවන බව පවසා පිටව ගියත් එසේ කිරීමද පැහැර හැර ඇත.


පසුව කිහිප විටක්ම මන්ත්‍රීවරයා හමුවීමට ගත් උත්සාහය ව්‍යර්ථවීමෙන් පසු කළමනාකරු සිය දුක්ගැනවිල්ල සභාපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් මුදල නොලැබුණහොත් තම වැටුපෙන් ගෙවීමට සිදුවන බව කළමනාකරු මේ ගැන සඳහන් කරමින් පැවැසීය. 



අදහස් (0)

මත්පැන් බී පොලු තැබූ නාගරික මන්ත්‍රීට ආපනශාලා කළමනාකරුගෙන් පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site