(බෙලිඅත්ත තිලක් මනම්පේරි)
විනෝද චාරිකාවට යද්දී අතරමං වූ තරුණයා සෙවීමට ගිය යාළුවකු බෙලිඅත්ත නගරයේ දමා සෙසු පිරිස විනෝද චාරිකාවට පිටත්වීමේ අපූරු පුවතක් බෙලිඅත්තෙන් වාර්තා විය.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.

බෙලිඅත්තේ ඈත ගමක තරුණයෝ හා වැඩිහිටියෝ ගාල්ල කොටුව ඇතුළු ඓතිහාසික සිද්ධස්ථාන දැක ගැනීමට චාරිකාවක් සූදානම් කළහ. ඊට බසයක් ද කතා කරගත් මෙම පිරිස සූදානම් වූ පරිදි ඉකුත් දා පෙරවරුවේ ගමන පිටත් වූහ. ඊට නඬේ ගුරෙකු තෝරාගත්හ.
පැයකට ආසන්න ගමනකින් පසු පිරිස බෙලිඅත්ත නගරයට ළඟා වූහ. බසය බෙලිඅත්ත නගරයේ නවතා උදෑසන කෑමට අවශ්‍ය කළමනා ගැනීමට ඉන් කීපදෙනෙක් බසයෙන් බැස ගියහ. ඒ අතර තරුණයෝ කීපදෙනෙක් තම ශරීර කෘත්‍ය කිරීමට තැනක් සොයා ගියහ.
විනාඩි කීපයකින් සියලු දෙනාම බසයට ගොඩවුව ද එක් තරුණයකු ආසනයේ නොවීය. ඔහු සෙවීමට බසයේ සිටි කීපදෙනක් පිටත් වූහ. ටික වේලාවකින් අතුරුදන් වූ තරුණයා සහ ඔහු සෙවීමට ගිය කීපදෙනෙක් ද බසයට ගොඩවූහ.
බසයේ සියල්ලන්ම හරි නේදැයි නඬේ ගුරු ගේ පැනයට සියල්ලෝම කියා සිටියේ හරි හරි යන්නය.
අතුරුදන් වූ තරුණයා සෙවීමට ගිය එක් තරුණයකු නොමැති බව කාටත් අමතක විය.
අතුරුදන් වූ තම හිතවතා මුණනොගැසීම නිසා එම තරුණයා ආපසු බසය තිබූ තැනට පැමිණියත් බසය එහි නොවීය. ඔහුගේ ඉහමොළ රත්විය. වහා ජංගම දුරකතනය අතට ගත් ඔහු බසයේ සිටි හිතවකුට දුරකතන ඇමැතුමක් ගත්තේය.
මම බෙලිඅත්තේ ඔයගොල්ලෝ කොහිද යනුවෙන් ඔහු විචාලේය. අයියෝ අප දැන් ගොඩකුඹුරත් පසුකරන් යනවා. බසයේ සිටි සගයාගේ පිළිතුර විය.
මේ අතර තංගල්ල රෝහලට ත්‍රිරෝද රථයෙන් යමින් සිටි මැදිවියේ පුද්ගලයකු කලබලයෙන් හැසිරුණු එම තරුණයා දැක ඇයි මල්ලි කරදරයක්දැයි විචාලේය.
ඔව් අයියේ අපේ නඬේ කට්ටිය මා දමල ගිහින්. දැන් ඒගොල්ලො ගොඩකුඹුරත් පහුකරන් යනවා.
හරි හරි නගින්න මා ගිහින් ඇරලන්නම්. තරුණයා ත්‍රිරෝද රථයට නංවාගත් ඔහු බසය නවතා තිබූ තැනට රැගෙන ගියේය. මොන ගමන ගියත් කමක් නෑ සිහියෙන් යන්නැයි අවවාද කර ත්‍රිරෝද රථයේ පැමිණි පුද්ගලයා ආපසු රෝහලට ගියේය.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
585
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අතරමං වූ තරුණයා සොයන්න ගිය යා`ඵවාත් අතරමං වෙලා