(තිහගොඩ - උපසේන ලියනගම)
නැන්දාගේ සිත සතුටු කිරීමට මාළු හොද්දට නමස්කාර කළ ලේලියක පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ කන්ද උඩරට ප්‍රදේශයකිනි.

බස්නාහිර පළාතේ උපත ලැබුවද ඇය වැඩි කලක් ජීවත් වූයේ පිටරටය. එහෙත් විවාහයෙන් පසු ඇය ලංකාවට ආවේ තම සැමියාගේ නිවෙසටය.
හෙළ සිරිත් විරිත්වලට ඉමහත් ඇල්මක් දැක්වූ ඇය නව නිවෙසට ඒමෙන් පසු සිය සැමියාගේ මවගෙන් අපේ සිරිත් විරිත් පිළිබඳව නොයෙකුත් උපදෙස් ලබා ගත්තාය. වරක් මුළුතැන්ගෙයි කටයුතු කරමින් සිටි නැන්දම්මා බත් මුට්ටිය ළිපේ තබා ඊට නමස්කාර කරනු දුටු ඇය ඒ පිළිබඳව විමසුවාය.
“මේව උත්තම බෝග නෙ දුව. කෑමට ඒවා සූදානම් කරන කොට අපි ගෞරව කරන්න ඕනෑ. කෑම කියන්නෙ ගෞරව සහිතව කරන දෙයක්” නැන්දම්මා කීවාය. මෙය ඇගේ සිතෙහි දැඩිව සටහන් වූ බවක් පෙනිණ.
මඳ කලකට පසුව කෑම බිම සූදානම් කිරීමට හුරුවක් ලැබූ ඇය ළිප තබන ආහාරවලට නමස්කාර කළාය. පසුගියදා මාළු හොද්දක් ළිප තැබූ ඇය ඊට නමස්කාර කරනු දුටු නැන්දම්මාට තරු පෙනිණ.
එහෙත් අමුත්තක් නොපෙන් වූ ඇය පසුව ඒ ගැන කියා දුන්නාලු.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
585
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැන්දම්මා සතුටු කරන්න මාළු හොද්දටත් වැඳලා