(දූනගහ බටේපොල විජයසිරි)
මාඔය අසබඩ ගම්මානයක පදිංචි බුලත් ගොවියකුට අයත් ඉඩමක් දූනගහ ප්‍රදේශයේ පිහිටියේය.
එම ඉඩමේද බුලත් වගාකර තිබූ අතර කොස්ගස් කිහිපයක්ද එහි සරුවට වැඩි තිබුණි. එම ගොවි මහතා මේ ඉඩමට පැමිණියේ ඉතා කලාතුරකිනි.
දිනක් ගමේ කතුන් තිදෙනකු මේ ඉඩමට ඇතුළු වූයේ ගැබිනි මවකගේ දොළ දුකකට කොස් ගෙඩියක් සොයා ගන්නටය.
කොස්ගස් උඩ බලමින් යන කතුනට හොඳින් පැසුණ කොස් ගෙඩියක් ගසක තිබෙනු දක්නට ලැබිණි.
‘අන්න අර කොස් ගෙඩිය හොඳට පැහිල..... එක් කතක් කීවාය.
අපි ඒක කඩා ගනිමු. අනෙක් කතුන්ගේ පිළිතුර විය.
අපි අහන්නේ නැතිව කොස් ගෙඩියක් කඩන එක හොඳද? එක් කතක් කීවාය.
අයිතිකාරය නැතුව කාගෙන් අහන්නද?
අපි ඒක කඩාගෙන යමු. බඩදරු අම්ම කෙනෙකුට ඕක කඩාගෙන ගියාට කමක් නෑනෙ.
‘අයිතිකාරයා හිටිය නම් අහන්න තිබුණා. දැන් එයා නැහැනෙ. අපි කොස් ගෙඩිය කඩාගෙන යමු.
දැක්කොත් හරි නෑ. නේද අනෙක් කාන්තාව යළිත් කීවාය.
නෑ... නෑ.... මොනවත් කියන්නෙ නෑ. කඩාගෙන යන්න බුලත් පඳුරු අතරින් හඬක් ඇසුණේය.
කතුන් තිදෙනාම බිරන්තට්ටු වූහ. ඉඩම හිමියා බුලත් කොටුවේ කෙළවරක සිට එසේ කී බව ඔවුන්ට වැටහුණි. පසුව ඔහුද බුලත්කොටුව තුළින් පිටතට පැමිණ කොස් ගෙඩිය කඩා දුන්නේ ඉතා කැමැත්තෙනි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බුලත් පඳුරු අස්සෙන් බඩදරු අම්මාගේ දොළදුකට ලැයිසොං