(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
“හොර පොල් ගෙනියන්න ගෙහිමි කතකගෙන් ගෝනියක් ඉල්ලා ගෙන” යන හිසින් ඉකුත් දිනෙක දෙයියෝ සාක්කි හි පළවූ පුවතින් පසු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් එම ගෝනිය සමග රුපියල් පන්දහසක මුදලක් ලබාදීමට හොරපොල් ගෙනගිය පුද්ගලයා සානුකම්පිත වී ඇති පුවතක් වාර්තාවිය.

විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු තම සැමියා සුපුරුදු පරිදි සිය මෝටර් රථයෙන් උදෑසන රැකියාව සඳහා පිටත්ව යන මොහොත බලා සිට නිවසට පැමිණ ඇති පුද්ගලයා ඇගේ සැමියා ගෙවත්තේ ඇති පොල් කඩා දෙන ලෙස ඉල්ලා ඒ සඳහා කැඩුම් කුලියද ලබාදුන් බව පවසා පොල් එකතු කිරීමට ඇගෙන් ගෝනියක් ලබාගෙන පසුව එම පුද්ගලයා කැඩූ පොල් සමග පලා ගොස් ඇති පුවත වාර්තාවූයේ කටුගස්තොටට නුදුරු ගම්මානයකිනි.
කෙසේ නමුත් ඉකුත් සතියේ එම නිවසේ ගේට්ටුවේ සවිකර තිබූ ලියුම් පෙට්ටියේ රුපියල් 5000 සහිත ලිපියක සඳහන් කර ඇත්තේ තමාට ලොතරැයි දිනුමක් ලැබීම හේතුවෙන් සොරකමින් බැහැරව යහපත් කල්ක්‍රියාවෙන් යුතුව සිටීමට තීරණය කළ බවත් කැඩූ පොල්වලට අදාළ මුදල ලබාගන්නා ලෙසත් ගෙන ගිය ගෝනියද ඒ ආසන්නයේ තබා ඇති බවත්ය.
අදාළ ලියුම දැකීමෙන් අන්දමන්ද වූ එම නිවැසියන් එහි වූ රුපියල් පන්දහසේ මුදල පුණ්‍ය කටයුත්තක් සඳහා යෙදවීමට තීරණය කර පොල් හොරා යහපත් මිනිසෙකු වීම පිළිබඳව සතුටු වූ බවද වැඩිදුරටත් වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක මිනිහෙක් හරි මේ විදිහට හිතනවානම් කොච්ච්චර හොඳද?? හැබැයි හොරකම් කරන්න පෙලෙබෙන්න එපා, ඉක්මන් සල්ලි වුනත්, පැවැත්ම තවකලිකයි.