(මැදිරිගිරිය චාපා මධුභාෂිණි)
සංචාරක ක්ෂේත්‍රය ගැන පැවැති විශේෂ පුහුණුවට තරුණයා අලුතින් මිලට ගත් වටිනා සපත්තු දෙක ප්‍රමාන දෙකක් වීමෙන් දැඩි අපහසුතාවට පත්වීමේ පුවතක් රජරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

අලුතින් විවාහ දිවියට එළැඹි මෙම තරුණයා සංචාරක හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ උසස් නිලයක් දරන පුද්ගලයෙකි.
දක්ෂ නිලධාරියකු වූ ඔහු කැපීපෙනෙන චරිතයකි. ඒ හේතුවෙන්ම ඔහු වැඩකරන ස්ථානයේ ද ඔහු ගැන දැඩි විශ්වාසයක් පවතී. ඒ නිසාම නිතර දෙවේලේ ලබා දෙන පුහුණුවීම් සඳහා කොළඹට යෑමට ඔහුට අවස්ථාව සැලසේ.
පසුගිය දිනක එවැනි පුහුණුවක් සඳහා අප කතානායකයා ඇතුළු පිරිසක් කොළඹට පැමිණියහ. මෙම පුහුණුවට සහභාගීවීමට පෙර අවශ්‍ය ඇඳුම් පැළඳුම් සපයා ගැනීමට දින කීපයකට පෙර ඔහු නිවසට ගියේය. තම බිරිය කැන්දාගෙන ඒමෙන් පසු ලැබුණු ප්‍රථම පුහුණුව එය නිසා ක්ෂණිකව එම ආරංචිය බිරියට පැවැසීමට ඔහු අමතක නොකළේය.
පුහුණුවට යන සැමියාට අලුත් කමිස කීපයක්, කලිසම් සහ ඊටම ගැළපෙන සපත්තු යුගලක්ද ගැනීමට ඇය අමතක නොකළාය.
සැමියාට පුහුණුවට යෑමට අවශ්‍ය සියලු කළමනා සූදානම් කළ ඇය ඉතා සතුටින් සැමියා පුහුණුවට පිටත් කළාය. සැමියා ද ඉතා සතුටින් අනෙක් පිරිස සමග පුහුණුවට කොළඹට පැමිණියේය.
කොළඹට පැමිණ මෙම පිරිස ගමනේ ගිමන් නිවාගැනීමෙන් පසු පෙර දින පුහුණුවට අවශ්‍ය කළමනා සහ ඇඳුම් පැළඳුම් ද සකසා ගත්හ. බිරිය සතුටින් සකස් කර දුන් ඇඳුම් බෑගය අතට ගෙන එය විපරම් කළේය.
අලුත්ම සපත්තු දෙක අතට ගත් ඔහු එය දමා ගෙන කාමරයේ එහා මෙහා ඇවිදින්නට විය. වම් කකුලට දැමූ සපත්තුව තම කකුලට පෙර විසිවී ඉදිරියට යන ස්වභාවයක් දැනෙන්නට විය. පසුව ඔහු සපත්තු දෙකම ගලවා විපරම් කළද බැලූ බැල්මට කිසිදු වෙනසක් නොවීය. ප්‍රමාණයන් දෙකද සඳහන්ව ඇත්තේ එකම ආකාරයටය. පසුව මොහු මිණුම් දණ්ඩකින් මැන බැලූ අවස්ථාවේ පෙනී ගොස් ඇත්තේ මෙම සපත්තු ජෝඩුව ප්‍රමාණයන් දෙකක සපත්තු ජෝඩුවක් බවය. ජංගම දුරකතනය අතට ගත් ඔහු මේ ආරංචිය තම බිරියට පැවැසුවේ නෝක්කාඩුවකට මෙනි.
ඇයගේද ඉහමොළ රත්විය. කරකියා ගත හැකි දෙයක් නොවූ තැන ඔහු හිමින්සීරුවේ කොළඹ ප්‍රදේශයේ සපත්තු කඩයකට ගොස් වෙනත් සපත්තු දෙකක් මිලට ගෙන පසුදින පුහුණුවට පිටත් විය.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
585
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුහුණුවට යන සැමියාට බිරිය ‘රැග්’ එකක් දීලා