(හාරිස්පත්තුව මොහොමඞ් ආසික්)
පොල්ගස් කිහිපයක පොල් කැඩීමෙන් පසුව ලැබිය යුතු කුලිය ඩොලර්වලින් ඉල්ලා සිටීම නිසා ගෙහිමි කාන්තාව අන්ද මන්ද වූ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි.
එම සිද්ධිය මෙසේය.

කන්ද උඩරට ප්‍රදේශයේ පොල් ගස් යහමින් තිබෙන එක්තරා ගම්මානයක පොල් කැඩීම සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු වෙන වෙනම දිනපතා එම ගම්මානයට පැමිණීම සාමාන්‍ය සිරිතකි. මෙදින ද එක් පුද්ගලයකු පොල් කැඩීම සඳහා එම ගම්මානයට පැමිණ ඇති අතර ගමේ ඇවිද පොල් කැඩීම සඳහා ඇති ගෙවතු සොයා ඔහු ගොස් තිබේ.
මේ අතර එක් නිවසක ගෙහිමි කාන්තාව ඔහුට කතා කර තම ගෙවත්තේ පොල් ගස් කිහිපයක පොල් ගෙඩි කැඩීම සඳහා ඔහුට බාර දුන්නාය. පොල් ගස් නැගීමේ සූරයෙකු වූ මොහු ගස් කිහිපයක පොල් කෙටි වේලාවක් තුළ කඩා එම පොල් ගෙනවිත් නිවස අසලම දැමීමට කටයුතු කළේය.
ඉන් අනතුරුව ඔහු ගෙහිමි කාන්තාව අමතා ඔන්න නෝනා මගේ වැඬේ නම් ඉවරයි. මට ලැබෙන්න ඕන මුදල ඉක්මනට ලැබුණොත් මට අනෙක් වත්තටත් ඉක්මනට යන්න පුළුවන්යැයි කීවේය.
එවිට ගෙහිමි කාන්තාව ගාන කීයදැයි ඇසුවාය. මගේ ගාණ ‘ඩොලර් මෙච්චරයි’ යැයි කීවේ ගෙහිමි කාන්තාව ද අන්ද මන්ද කරමිනි.
ඩොලර්වලින් දෙන්න මේක ඇමරිකාව නොවෙයිනේ ලංකාවේ රුපියල්වලින් ගාන කියනවා යැයි ගෙහිමි කාන්තාව ටිකක් සැරෙන් ඔහුට කීවාය.
ඒ ගැන කිසිවක් නොතැකූ ඔහු ‘මේකනෙ නෝනා වැඬේ මමත් දන්නවා මෙහේ ඩොලර් නැති බව. ඒත් නෝනා රුපියල්වලින් මම ගාණ ඉල්ලුව නම් ඒ ගාන අහල නෝන කලබල වෙනවා ඩොලර්වලින් කියන කොට ඒක ඇඟට දැනෙන ගානක් නොවෙයිනේ. එතකොට ඒක නෝනගේ හිතටත් සහනයක් නේ. ඒ හින්ද කිසිම ගැටලුවක් නෑ මම කිව් ඩොලර්වල ගාන මට රුපියල්වලින් දෙන්න යැයි ඇඟට නොදැනී කිවේය.
ඒ ගාන හදල බලනකොට පොල් ගෙඩි විස්සක විතර ගාන බව ගෙහිමි කාන්තාව තේරුම් ගත්තාය.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
585
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොල් කැඩුවාට කුලිය ඩොලර් වලින්