IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


මවට නොසැලකූ දූලාට පොලිසියෙන් පාඩමක්

(තලාතුඔය  ටී.එච්. සරත්)
මව රෝහලට ඇතුළත් කළ බව තම සොහොයුරියන් දෙදෙනාට දැනුම් දුන් විට “ඔය ගෑනිට වහ ටිකක් දීලා මරා දාපන් ... නැතිනම් අනාථ මඩමකට ගිහින් දාපන්”_ යි කී සොහොයුරියන් දෙදෙනකු තලාතුඔය පොලිසියට කැඳවීමට ස්ථානාධිපතිවරයාට සිදුවීමේ පුවතකි මේ.


  67 හැවිරිදි මාතාව මේ වනවිට දැඩිසේ රෝගාතුරව මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන්නීය. ඇය තම බාල දියණිය සමඟ අනුරාධපුර දුටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටියාය. අසනීප තත්ත්වය  හේතුවෙන් ඇය රෝහල් ගත කිරීමෙන් අනතුරුව බාල දියණිය අනෙකුත් සොහොයුරියන්ට ද දැනුම් දී ඇතත් ඔවුන් එය ගණනකට නොගෙන අවසානයේ එම සොහොයුරියන් දෙදෙනාම  දුරකථන පවා අක්‍රීය කළ බව ඇය පොලීසියට පැමිණිලිකර තිබේ.


පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙකී මව සතුව තිබූ ඉඩකඩම් සියල්ල ඔවුන් සතුකරගෙන ඇති බවත්  ඇයගේ බැංකු ගිණුමේ තිබු රුපියල් විසිපන්දහසක මුදල් ද ලබාගෙන ඇති බවයි. 


මේ සම්බන්ධයෙන් තලාතුඔය පොලිස් ස්ථානාධිපති පො.ප. අරුණ ක්‍රිශාන්ත මහතා එම මාතාවගේ දියණියන් තිදෙනාම පොලිසියට කැඳවා තමන්ට ද දරුවන් සිටීදැයි ප්‍රශ්න කළවිට ඔවුන් තිදෙනාටම දරුවන් තිදෙනා සහ දෙදෙනා බැගින් සිටින බව පැවසූ විට  තමන්ට මෙවැනි ඉරණමක් අත් වුවහොත් කුමක් සිදුවේදැයි විමසා අම්මා කෙනෙකුගේ වටිනාකම පිළිබඳව දිගු දේශනයක් පවත්වා තම මවට සළකන බවට පොරොන්දු කරවා ගෙන එසේ නොකොළොත් නීති මඟින් ක්‍රියාකරන බව දන්වා මව බැලීමට රෝහල කරා පිටත්කර තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් උපො.ප. සෙනෙවිරත්න හා පො.කො. බංඩාර (46937) යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවූහ.



අදහස් (0)

මවට නොසැලකූ දූලාට පොලිසියෙන් පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site