(තිහගොඩ උපසේන ලියනගම)
වැඩිහිටි නේවාසිකාගාරයක සිටි වියපත් කාන්තාවක් එම නිවාසයේම සිටි මැදිවියේ පිරිමියකු සමග මිතුරුවී අලුත් ජීවිතයක් ගත කිරීමට මහ රෑ පැන යාමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ හිරු බැසයන පළාතේ උපනගරයක වූ වැඩිහිටි නිවාසයකිනි.

කලින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආයතනයක සේවය කළ ඇය විවාහ වී සිටියේ හමුදා නිලධාරියකු සමගය. ඔහු යුද බිමේදී අතුරුදන් වීමෙන් පසු ඔහුට අයත්ව තිබූ සියලු දේපළ පවුලේ අය අත්පත් කර ගැනීම නිසා අසරණ වූ ඇය මෙම නේවාසිකාගාරයේ පිහිට පතා පැමිණ තිබිණි.
පසුකලෙක එම නිවාසයට ආවේ බිරිඳ විදේශගතවී ආපසු නොපැමිණීම හා එකම පුතු සමග ගැටුම් ඇති කර ගෙන අසරණ වූ මැදිවියේ අයෙකි.
මද කලකින්ම මේ දෙදෙනා අතර සබඳතාවක් ඇතිවිය. නේවාසිකාගාරයේ වුවත් මේ ගැන විවිධ තොරතුරු කීවත් පාලක නිලධාරියා ඒවා විශ්වාස කළේ නැත. එහෙත් පසුගියදා මේ දෙදෙනා වැඩිහිටි නිවාස කාර්යාලයට පැමිණ ඉල්ලා සිටියේ දෙදෙනාට එකම කාමරයක ජීවත්වීමට ඉඩසලසා දෙන ලෙසටය.
මේ ඉල්ලීමෙන් මහත් කෝපයට පත් පාලක නිලධාරී පාලක නිවාස අධ්‍යක්ෂ මණ්ඩලයට දැන්වූයේ මේ අසංවර ජෝඩුව වහාම ඉවත් කරන ලෙසය. එදින රාත්‍රියේ මේ දෙදෙනා නේවාසිකාගාරයෙන් පැනගොස් තිබුණේ තම තමන් සතු සියලුම ඇඳුම් හා බඩු භාණ්ඩ ද පොදි ගසා ගෙනලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න වැඩිහිටි නිවාස පාලකයෝ .... ඔයිට වැඩිය මානුෂික විධියට ඔය ප්‍රශ්නය විසදන්න බැරිද ?
මෙහි ඇති වැරැද්ද කුමක්ද ? වියපත් වීම නව විවාහයකට, ප්‍රේම සම්බන්දයකට භාදාවක් වන්නේ කෙසේද? ඔවුන් දෙදෙනාටම නීත්‍යනුකුල විවාහයකට භාධාවක් නොමැතිනම් ඔවුන් ලැජ්ජාවට පත් කිරීමට හෝ විවේචනය කිරීමට කිසිවෙකුට අයිතියක් නැතිබව මාගේ පිළිගැනීම වේ. අනෙක් කරුණ නම්, සමාජයට හානියක් නොවන්නේ නම්, ඕනෑම වයසක අයෙකුට තමා සතුටට පත් වන ආකාරයට ජීවත් වීමට, ආදරය කිරීමට ඇති අයිතිය රාගය ලෙස අර්ථ නොදැක්වීමට අප මානුෂීය වියයුතු බව මගේ හැගීමයි.
ප්‍රසාද් ඔබ සුන්දර අදහසක් දක්වපු මිනිසෙක්. තනි වුනු මිනිසෙක් පමණයි මෙය දන්නේ...