(තිහගොඩ උපසේන ලියනගම)
කඩ මණ්ඩියක වූ සිල්ලර වෙළඳසලක කඩහිමියාට ගණන් හිලව් ගැන හොඳ දැනුමක් තිබුණත් අකුරු ශාස්ත්‍රය ගැන එතරම් දැනුමක් තිබුණේ නැත.

පසුගිය දිනවල ඇදවැටුණු මහ වැසි නිසා එම කඩ බක්කියේ වූ කරවල නරක් වී ගියද ඔහු කපටිකමෙන් ඒවා අලෙවි කළේය. මේ පිළිබඳ ගැටුම් ද ඇති විය.
පසුගිය දිනක කඩයට ආ කොලුගැටව් කීප දෙනකු කඩය ඉදිරිපස දැන්වීමක් ගැසීමට මුදලාලිගෙන් අවසර ඉල්ලීය. දේශපාලන ඒවානම් අලවන්න එපා යැයි ඔහු කීවේ තරමක කෝපයෙනි. “නෑ මේ බිස්නස් ගැන එකක්” ඔවුන් කීවෙන් ඊට අවසර ලැබිණි.
පසුවදා කඩයට ආ අය එය කියවා සිනාසීම මුදලාලිගේ හිතට ඇල්ලුවේ නැත. ඒ ගැන විමසූ විට එක් අයකු කීවේ” මුදලාලි ඇත්තම කියල වෙළඳාම් කරනවා. ඒක හොඳයි කියාය. “මං එහෙම තමයි” මුදලාලි ආඩම්බරයෙන් කීවත් හිතට කිසියම් සැකයක් මතු වී අමාරුවෙන් දැන්වීම කියවීය. “මෙහි කුණු කරවල විකිණීමට තිබේ” යන්න කියවූ ඔහු කොලු ගැටුවන්ට කුණු බැණුම් බණිමින් දැන්වීම ඉරා දැමුවාලු. සබරගමුව පැත්තෙන් ඇසුණු සත්‍ය පුවතකි.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
585
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඬේ ගහපු දැන්වීමෙන් මුදලාලි හොල්මන් වෙලා