IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රනේ රුවට හිත බැඳිලා රණවිරුවට ළංවෙලා

විශ්‍රාම පූර්ව නිවාඩු ලබා සිටින ආරක්‍ෂක අංශයක ආබාධිත සුළු නිලධාරියෙක් තමාගේ වැටුප් ලබාගැනීම සඳහා සේවා ස්ථානයට පැමිණ ආපසු නිවසට යාම සඳහා ගාල්ල බස් නැවතුම්පොළට ආවේය. තමා නිවසින් එනවිට වතුර බෝතලයක් ගෙන එන ලෙස කුඩා දියණිය කළ ඉල්ලීම මතක්වූ ඔහු වෙළෙඳසලකට ගොස් වතුර බෝතලයක්ද මිලදී ගත්තේය.


බස් නැවතුම්පොළේදී ඔහු අසලට පැමිණි පුද්ගලයකු එක්වරම ‘හලෝ කොහොමද මොකද මෙතැන කරන්නේ, මොකද කකුලට උනේ” යනුවෙන් ඇසුවේය. මම උතුරෙ ඉන්න කාලේ යුදf්දට අහුවෙලා තමයි කකුල කැඩුණේ දැන් පැන්ෂන් යන්න ඉල්ලලයි ඉන්නේ” ඔහු කීය.


 “අයියෝ අපි ඔයාලට සලකනව මදි. අද අපි නිදහසේ ඉන්නේ ඔයාලා නිසයි. යමු... යමු... මොනව හරි බොන්න. ගහමු පොඩි අඩියක්” අමුත්තා පෙරැත්ත කළේය.


 “අනේ මම මත්පැන් බොන්නේ නැහැනේ. බොහොම ස්තුතියි” ඔහු කීවේය.


“හරි හරි ඒකට කමක් නැහැ. වෙන මොනව හරි බොමු. යමු යමු.“ කියමින් අමුත්තා ඔහුද කැටුව සුපිරි වෙළඳසලකට ගියේය. එසේ  ගොස් අමුත්තා රුපියල් පන් දහසේ නෝට්ටුවක් දී ඉහළම වර්ගයේ සැර මත්පැන් බෝතලයක් සහ සිගරැට්ද, අවශ්‍ය බයිට්ද මිලදී ගත්තේය. පසුව දෙදෙනාම පැමිණ ත්‍රිරෝද රථයකට ගොඩවූහ.


ත්‍රිරෝද රථය දඩල්ල ප්‍රදේශයේ අවන්හලක නතර විය. අමුත්තා එහිදී මත්පැන් පානය කළ අතර ඔහු කොකාකෝලා බොමින් සිගරැට් දල්වාගෙන දුම් උරන්නට විය. සුළු වේලාවකදී ඔහුට නිදිමත ගතියක් දැනී ඔළුව මේසයට ගසා ගත්තේය. විනාඩි කිහිපයකට පසු ඔහු ඇස් ඇර බැලුවේය. ඔහු සමග පැමිණි අමුත්තා නැත. ඔහුට දාඩිය දමන්නට විය. සාක්කුවට අතදමා පසුම්බිය බැලුවේය. එහි එතරම් ලොකු මුදලක් නොතිබූ නමුත් පසුම්බිය සාක්කුවේ තිබිණි. දුවට ගත් වතුර බෝතලයද මේසය මතවිය.


 කිසිත් අඩුවක් නැත. එසේනම් තමා සමග පැමිණි අමුත්තාට සිදුවුයේ කුමක්ද? මත්පැන් බෝතලයද සමග අමුත්තා අතුරුදන්ය. පසුව ඔහු බසයට නගින්ට පාරට ඒමට සූදානම්ව කර අතගා බැලුවේය. රුපියල් පනස් තුන් දහසක් වටිනා රන්මාලය ගෙලෙහි නැත. සිදුවී ඇති දෙය දැන් පැහැදිලිය.


නිවසට පැමිණි ඔහු සිදුවූ කිසිම දෙයක් බිරිඳට කීවේ නැත. එහෙත් පසුදින සැමියාගේ කරේ තිබූ මාලය නොදුටු බිරිඳ ඒ ගැන විමසුවාය. බිරිඳට සැඟවීමට තවත් නොහැකිවූ නිසා ඔහු සිද්ධිය කීවේය.

වහාම පොලිසියට ගොස් පැමිණිලි කරන ලෙස බිරිඳගෙන් නියෝගයක් ලැබිණි. ඒ අනුව වහාම ඔහු ගාල්ල පොලිසියට පැමිණ විවිධ පැමිණිලි අංශයේ පැමිණිල්ලක් සටහන් කළේය.


දැන් මේ පිළිබඳව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දිමාල් මහතාගේ උපදෙස් පරිදි සැරයන් විජේරත්න (24948) මහතා පරීක්‍ෂණ ආරම්භ කර ඇත. 

(උණවටුන ඩී.ජී. සුගතපාල)



අදහස් (0)

රනේ රුවට හිත බැඳිලා රණවිරුවට ළංවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 585 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site