(උණවටුන ඩී.ජී. සුගතපාල)
රුපියල් දස ලක්ෂයක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ගාල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබිණි. පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් පසු වග උත්තරකරුට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස පොලිසිය දන්වා යැව්වත් වගඋත්තරකරු එය ගණනකට ගත්තේ නැත. එහෙත් පොලිසිය අවස්ථා කිහිපයකදීම ඔහුට පැමිණෙන ලෙස දන්වා යැවීය.

පැමිණිලිකරු ද පැමිණ තමාගේ පැමිණිල්ලේ පරීක්ෂණවල තත්ත්වය විමසන්නට විය. මේ අතර වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය තීරණය කළේය. ඒ අනුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එස්.එල්. නාරංගොඩ මහතා ඇතුළු නිලධාරි පිරිසක් වගඋත්තරකරුගේ නිවසට ගියහ.
එහෙත් නිවසේ සිටි අය දොර ඇරියේ නැත. ඔවුන් කියා සිටියේ මිනී කන බල්ලෙකු සිටින නිසා දොර ඇරීමට බැරි බවය. බල්ලා ද මහ හඬින් බුරන්නට විය. මේ අතර අසල්වැසි නිවසක බල්ලෙකු ද ලිහා දැමීම නිසා පොලිස් නිලධාරිහු තවත් අපහසුවට පත් වූහ. එහෙත් පොලිසිය පසුබට වූයේ නැත.
බල්ලන් මෙල්ල කළ පොලිස් නිලධාරිහු වහා නිවසට ඇතුළු වූහ. එහිදී දැකගත හැකිවූයේ කාමරයේ ඇඳක් යට සඟව සිටි වගඋත්තරකරුය.
බල්ලන් මෙල්ල කළ පොලිස් නිලධාරිහු වගඋත්තරකරු ඇඳ යටින් එළියට ගෙන අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙනැවිත් අධිකරණයට ඉදිරිපත් කළහ. වගඋත්තරකරු රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බල්ලා බිල්ලට දී ඇඳ යට රිංගූවත් වැඩ වැරදිලා