(පස්ගොඩ තිලක් එච්. ගමගේ)
කිතුල් පැණි හකුරු සඳහා මහත් ප්‍රසිද්ධියක් උසුලන දකුණු පළාතේ පිහිටි මෙම ඉරිදා සතිපොළට දහස් ගණනක් පාරිභෝගිකයෝ එක්රොක් වෙති. ගැට කපන්නන් මංකොල්ලකරුවන්ගෙන්ද මෙහි අඩුවක් නැත.

සිරිපාල වෙනදාට වඩා උදෙන් පොළට ගියේ කුඹුරේ සී සෑම පසුදිනයට යොදා ගෙන ඇති බැවින් එළවළු මාළු ටිකක් වැඩිපුර රැගෙන ඒමටය.
මිරිස් තුනපහ එලවළු බුලත් දුම්කොළ අඩුවැඩියද මාළු පොළට ගොස් ලොකු මාළු කූරියෙක්ද මිලදී ගෙන ආපසු හැරී එද්දී පොළේ ඇවිදගෙන එන ගජ මිතුරෙකු හමුවිය. පාසල් කාලයේ සිට හිතවත් අඹ යාළුවා වූ පියදාස මේ හමුවූයේ අවුරුදු ගණනකට පසුවය. දෙදෙනාගේම සතුට ඉහවහා ගියේය.
ගමෙන් නගරයට ගොස් පෙදෙරේරු වෘත්තියේ නියැලි පියදාස කසාදයක්ද බැඳගෙන එහිම පදිංචිවී සිටින්නෙකි. ප්‍රේම සබඳතාවයක් බිඳීයාමෙන් කළකිරී ගමෙන් පිටවූ ඔහු ගමට එන්නේ ඉතාමත් කලාතුරකිනි.
පොළෙහි අයිනකට වූ දෙදෙනා ආගිය කථා පාසල් කාලයේ සිදුවීම් බිරිඳ දරුවන්ගේ සුවදුක් කතා කළේ මහත් ප්‍රමෝදයකිනි.
කාලෙකට පසු හමුවූ අඹ යහළුවන් දෙදෙනාගේ මහත්වූ අල්ලාප සල්ලාපයෙන් වේලාවද ගතවනු නොදැනින.
හිටිහැටියේ සිරිපාලට මතක් උනේ මාළු කූරියා නරක් වෙන්ට පෙර රැගෙන යා යුතු බවය. නැත්නම් භාර්යාවගෙන් ලැබෙන ශබ්ද පූජාවට කනේ ඇඟිලි ගසාගෙන සිටිය යුතුවේ.
එහෙනම් මචං මම යන්නම් හවස් දිහාවට අපේ පැත්තෙ එන්න ඕන අනිවාර්යෙන්.
පැවසූ සිරිපාල තම බඩුමල්ල ගැනීමට පිටුපසට හැරුණේය.
පුදුමයකි. තමා පිටුපසින් තබා තිබූ බඩු මල්ල අතුරුදන්වී ඇත. ඔහු වටපිට බැලීය. උඩ බිම බැලුනේය.
මල්ල උස්සලා, සිරිපාලට නියැවිණි. ඔහු හතර වටේටම පොළපුරා ඇවිදිමින් බඩු මල්ල හෙව්වේය. එහෙත් කිසිදු හෝඩුවාවක්වත් ලැබුණේ නැත.
මදෑ කදේ දාගෙන හිටියා. සිරිපාල තමන්ටම දොස් කියා ගත්තේය.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
585
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිතුරා එක්ක කදේ දමද්දී පොළෙන්ගත් බඩු මල්ල වාෂ්පවෙලා