DFCC බැංකුවෙන් “BUSINESS INVESTMENT PLANNER” ආයෝජන සැලසුම
DFCC බැංකුව, එහි 70 වැනි සංවත්සරයට සමගාමීව ලංකාවේ කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යවසාය සඳහා විශේෂිතව සැලසුම් කළ DFCC Business Investment Planner ආයෝජන සැලසුම හඳුන්වා දී ඇත. මෙම ආයෝජන සැලසුම, ණය හෝ කෙටිකාලීන මූල්‍ය පහසුකම් මත යැපීමකින් තොරව, ව්‍යාපාරවලට ස්ථාවර ප්‍රාග්ධනයක් ගොඩනඟා ගැනීමට උපකාරී වේ.