- ගොවියන් ඒකරාශී වෙලා තාක්ෂණය, වගාව වැඩි කරගන්නා ක්‍රමවලට මාරු වීම වැදගත්
භානුක අමරසිංහ
මෙරට කෘෂිකර්මාන්තය සඳහා සමුපාකාර ක්‍රමය හඳුන්වාදීම අනිවාර්යය බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ කොළඹදී පැවැත්වුණු වැඩසටහනකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු සඳහන් කළේය.
“කෘෂිකර්මාන්තය සහ පශුකර්මාන්තය කියන දෙකම ලෝකයේ හැදිලා තියෙන්නේ සමූපාකාර ක්‍රම හරහා. ලංකාවේ තනි තනි ගොවියා විදියට වැඩ කරගන්න ගිහිල්ලා අපි 1977 ඉඳලා කෘෂිකර්මාන්තය විනාශ කරගත්තා. නැවතත් මේ සාමූහික ගොවිපොළවල්වලට, එහෙමත් නැත්නම් ගොවියන් ඒකරාශී වෙලා තමන්ගේ තාක්ෂණය, වගාව වැඩි කරගන්නා ක්‍රමවලට මාරු වෙන්න අවශ්‍යතාව තිබෙනවා. මේ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකේම දායකත්වය ලබා ගෙන ගොවියන්ගේ කේවල් කිරීමේ හැකියාව ශක්තිමත් කිරීමට අපිට හැකි වෙන්නේ මේ ගොවි සමිති සහ ගොවි සමාගම් හරහා.“ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd