
මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන NEXT Ventures Lanka (PVT) LTD ආයතනය විසින් විශිෂ්ට උසස් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පිළිගැනීම සහිත ඇගයීමක් වන ‘Great Place to Work’ (GPTW) සහතිකය 2025 වසර සඳහා දිනා ගැනීමට සමත් විය.
මෙම සමාගමේ ගෝලීය ශාඛා ජාලය වන NEXT Bangladesh සහ NEXT Malaysia යන ආයතන ද මේ හා සමගාමීව මෙම ගෞරව ඇගයීමට පාත්‍ර වී තිබීම ද විශේෂත්වයකී. මෙම ඇගයීම ඔස්සේ NEXT Ventures ආයතනය විසින් සිය ජාත්‍යන්තර මෙහෙයුම් හරහා ඉහළ විශ්වාසයකින් සහ කාර්යක්ෂමතාවකින් යුතුව සිය සේවක ප්‍රජාවට ප්‍රීතිමත් සහ ප්‍රතිලාභ සහිත සේවයට සුදුසු ආයතනයක් පවත්වාගෙන යාම උදෙසා දක්වන කැපවීම මැනවින් ඉස්මතු වේ.
ලොව පුරා සේවා ස්ථානවල විශිෂ්ටත්වය ඇගයීම සඳහා පිරිනමන ප්‍රමුඛතම සහතිකයක් ලෙස ‘Great Place To Work’සහතිකය හැඳින්විය හැකිය. මෙම සහතිකය පිරිනමනු ලබන්නේ සේවා ස්ථානයක විශ්වාසනීයත්වය, නායකත්වයේ ගුණාත්මකභාවය සහ සේවක තෘප්තිය පිළිබඳ දැඩි ප්‍රමිතීන්ට අනුගමනය කරන ආයතන වෙනුවෙන් පමණි. මෙම ඇගයීමේ ක්‍රියාවලිය සඳහා නායකත්වය , ආයතනික සහයෝගීතාව, සේවක ප්‍රතිපෝෂණ ඇතුළු දැඩි ක්‍රියාපටිපාටියක් අන්තර්ගත වන අතර එම සියලු නිර්ණායක සපුරාලන ආයතන සඳහා මෙම ගෞරව සහතිකය පිරිනමනු ලබයි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් මානව සම්පත් අංශයේ කළමනාකරු, සුරිත් දේවගිරි මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ කලාපීය වශයෙන් අපගේ ආයතනික සහයෝගීත්වය මෙම විශිෂ්ටත්වයේ ජයග්‍රහණයෙන් හඳුනාගන්න පුළුවන්. ගෝලීය වශයෙන් අපගේ සේවකයන් වෙනුවෙන් දක්වන සහයෝගය හා දිරිමත්කිරීම් හරහා වෘත්තිය මෙන්ම පෞද්ගලික ජිවිතයේ දියුණු සැලැස්වීමට අපි නිරතුරුවම කැපවී සිටිනවා.
NEXT Ventures ආයතනයේ යහපත් සේවා සංස්කෘතිය සහ සේවක සංවර්ධනය වෙනුවෙන් දක්වන සුවිශේෂී උනන්දුව මෙම ඇගයීම හිමි කර ගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත. සමාගම විසින් විධිමත් ඉගෙනුම් වැඩසටහන්, නායකත්ව පුහුණුවීම් සහ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් පිරිනමමින් සේවකයන්ගේ වෘත්තීය මෙන්ම පෞද්ගලික වර්ධනයට ද මග පෙන්වනු ලැබේ. කුසලතා පරිපුර්ණ සේවකයන් බිහිකිරීම, කලාපීය කණ්ඩායම් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ විවිධ වෙළෙඳපොළ තත්වයට අනුවර්තනය වෙමින් කටයුතු කිරීම හේතුවෙන් NEXT Ventures ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව, ඩුබායි සහ සයිප්‍රසය ආදී රටවල වඩාත් ආකර්ෂණීය සමාගමක් ලෙස සිය ස්ථාවරය තහවුරු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd