අද දිනයේ දී කොටස් වෙළෙඳපොළ තව දුරටත් වර්ධනය හෝ පසුබැසීම යන අන්ත දෙක අතර දෝලනයක් අපේක්ෂා කළ හැකිය. සියලු කොටස් මිල දර්ශකය ඒකක පනහකින් පමණ ඉහළ ගියහොත් මෙරට කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දර්ශකවල නවතම වාර්තාවක් සනිටුහන් කරමින් ඒකක 24,000 ඉක්මවනු ඇත.
මෙම ගමන තුළ අනාගතයේ දී ලාබදායී අවස්ථා සම්බන්ධයෙන් අවිශ්වාසයක් ඇතිවුවහොත් නැවතත් දර්ශක පහත වැටෙන්නට ඉඩ තිබේ. කෙසේ නමුත් පසුගිය වසරේ අවසාන සති හතරක කාලයේ සිට ඉකුත් සති අන්තය දක්වා උච්ඡාවචන සහිතව ගනුදෙනු සිදුවූ හෙයින් වාර්තාගත ඉලක්කය පසුකිරීමට අවස්ථාවක් ඇතැයි ආයෝජන උපදේශකයෝ සඳහන් කරති.
මිල දී ගැනීමේ අවස්ථාවල දී බැංකු හා මූල්‍ය, රක්ෂණ, ඉදිකිරීම් හා පාරිභෝගික මිල දී ගැනීමේ අංශවලට අයත් සමාගම්වලට ඉල්ලුමක් ඇති විය හැකිය. වැවිලි සමාගම්වල ආදායම් ඉහළ ගොස් ඇති බව දක්වන වාර්තා හෙයින් වතු සමාගම්වල කොටස් ද ආකර්ෂණීය වනු ඇත. ඉසුරුමත් සමාගම්වල කොටස් මිල නැවත වටයකින් අවධානයට ලක්විය හැකි බව ද දැක්වේ.
ඉකුත් සිකුරාදා (ජනවාරි 23) වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,956.51 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 142.74 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,649.50 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 31.65 ක පිබිදීමකි. දෛනික පිරිවැටුම රු. බිලියන 10.50 ක් සේ සනිටුහන්ය. ගනුදෙනු 52,766 ක් වාර්තා වී තිබුණි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 187.27 ක් විය. සමාගම් 149 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 105 කි. පෙරවරුවේ සිට වර්ධනයක් සනිටුහන් වූ අතර පසුව අවසාන භාගයේ දී පූර්ව තත්වයට වඩා පහත අගයකින් සියලු කොටස් මිල දර්ශක ස්ථාවර වූ බව සඳහන් කළ හැකිය.
ඩොක්යාඞ් රු. මිලියන 1,780 ක්, එල්.ඕ.එල්.සී. රු. මිලියන 956 ක්, ඩොක්යාඞ් (සී) රු. මිලියන 347 ක්, රෝයල් සෙරමික් රු. මිලියන 319 ක්, එල්.ඕ.එල්.සී.හෝල්ඩිං (සී).රු. මිලියන 293 ක්, ප්‍රයිම් ලෑන්ඩ් රු. මිලියන 277 ක්, එයිට්කන් ස්පෙන්ස් රු. මිලියන 246, රෝයල් සෙරමික් රු. මිලියන 224 ක් රේණුකා ෆුඞ් රු. මිලියන 204 ක් සහ ප්‍රයිම් ලෑන්ඞ් (සී) රු. මිලියන 200 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් විය.
නිරීක්ෂක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd