|
කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ අධ්‍යක්‍ෂ කුසල් සුබසිංහ සහ එන්.අයි.බී.එම්. අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආනන්ද කුලසූරිය යන මහත්වරු අවබෝදතා ගිවිසුම හුවමාරුකරගත් අවස්ථාව.
|
යොහාන් භාසුර
ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය හෙවත් එන්.අයි.බී.එම්. දරුවන්ට තාක්‍ෂණික දැනුම සැපයීම සඳහා කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
කොළඹ 7, පිහිටි එන්.අයි.බී.එම්. මූලස්ථානයේදී කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්‍ෂ කුසල් සුබසිංහ සහ එන්.අයි.බී.එම්. අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආනන්ද කුලසූරිය යන මහත්වරු එම ගිවිසුමට අත්සන් තැබූහ.
මෙරට ප්‍රධානතම රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් වන එන්.අයි.බී.එම්. ශ්‍රී ලංකාවේ දරුවන් නව තාක්‍ෂණයෙන් පිරිපුන් පුද්ගලයන් බවට පත්කිරීම මූලික අරමුණ කරගෙන කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගම සමග සම්බන්ධ විය.
කෝඩ්ජෙන් ඉන්ටර්-නැෂනල් සමාගම ඒ.අයි. තාක්‍ෂණය ඇතුඵ ඩිජිටල් තාක්‍ෂණයෙන් ඉහළින්ම සිටින මෙරට ආයතනයක් බවත් මෙය මෙරට දරුවන්ගේ උසස් අධ්‍යාපනයේ සුවිශේෂි අවස්ථාවක් බවත් එන්.අයි.බී.එම්. අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආනන්ද කුලසූරිය මහතා එහිදී පැවසීය.
කෝඩ්ජෙන් ඉන්ටර්- නැෂනල් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා පැවසුවේ නව තාක්‍ෂණයෙන් තොරව ලබන අධ්‍යාපන තව දුරටත් ලෝකය පිළිනොගන්නා බවත්, සිය ආයතනය මෙරට දරුවන්ට නව තාක්‍ෂණය දීමට මෙම ගිවිසුමත් සමග කැපවී කටයුතු කරන බවත්ය.
එන්.අයි.බී.එම්.හි අධ්‍යා-පනය ලබන දරුවන්ට නව තාක්‍ෂණය පිළිබඳව ප්‍රායෝගික දැනුම දීම මෙම සම්බන්ධතාවේ ප්‍රධාන අරමුණ බව එහි වැඩසටහන් අධ්‍යක්‍ෂ කීර්ති කොඩිතුවක්කු මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd